• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

අධ්‍යාපන ක්ෂේත්‍රයේ බොහෝ දේ කරන්නට හැකි වු බව ඇමැති අකිල කියයි

9 September 2019
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පසුගිය ආණ්ඩු සමයෙහි විවිධ ස්ථානවල විවිධ ව්‍යාපෘති වෙනුවෙන් මුල්ගල් තැබීම් සිදුව පැවති නමුත් ඒවායේ ඉදිකිරීම් සඳහා මුදල් වෙන්කර නොතිබූ බවත්, අධ්‍යාපනය වෙනුවෙන් ඉතිහාසයේ මේ දක්වා සිදුකළ දැවැන්ත ම මූල්‍ය ආයෝජනය සිදුකරමින් විශාල ව්‍යාපෘති සමූහයක් රටේ පාසල් පද්ධතියට දායාද කරන්නට හැකිවූයේ, ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ප්‍රමුඛ සංවර්ධන වැඩසටහන් යටතේ මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට අග්‍රාමාත්‍යවරයාගෙන් ලැබුණු සහයෝගය හා මඟපෙන්වීම නිසා බවත් අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, අධ්‍යාපනයේ මෑතකාලීනව ක්‍රියාවට නංවන ලද විප්ලවීය අධ්‍යාපන ක්‍රියාමාර්ග අතර තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ තෙවැනි පියවර යටතේ එකම දිනක නව පාසල් ගොඩනැගිලි 500ක් සිසු අයිතියට පත්කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) කහතුඩුව, වෙනිවැල්කොළ ‘ශිෂ්‍යෝදා විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපනය’ පිළිබද ජාතික ආයතනයේ දී මෙම උත්සවය පැවැත්විණි. දිවයින පුරා එකම දිනක පාසල් ගොඩනැගිලි 500ක් සිසු අයිතියට පත්වන අද දවසේ ඒ හා සමගාමී ව ශිෂ්‍යෝදා විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපනය පිළිබද ජාතික ආයතනය සිසු අයිතියට පත්කිරීම ද අගමැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරිණි.

අධ්‍යාපනය වෙනුවෙන් විශාලතම මූල්‍ය ආයෝජනය සිදු කර ඇත්තේ වත්මන් රජය විසින් බව දේශපාලන පක්ෂ භේදයකින් තොරව සඳහන් කළ හැකි බවත්, එහි දී ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 10%ක ප්‍රතිශතයක් නියෝජනය කරන විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් රජය සුවිශේෂ මැදිහත්වීමක් සිදුකරන ලද බවත්, අද සිසු අයිතියට පත් කෙරෙන ශිෂ්‍යෝදා විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපනය පිළිබද ජාතික ආයතනය එහි තවත් සාර්ථක ප්‍රතිඵලයක් බවත් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

ළඟම පාසල හොඳම පාසල වැඩසටහන මගින් මෙවර එකවර සිසු අයිතියට පත්කෙරෙන පාසල් ගොඩනැගිලි 500 ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 10,000ක මූල්‍ය ආයෝජනයක් සිදුකර තිබේ. පහසුකම් සපිරි පාසල් පද්ධතියක් දැයේ දරුවන්ට ලබාදෙමින්, ග්‍රාමීය පාසල් අංග සම්පූර්ණ පහසුකම් සහිතව සංවර්ධනය කිරීම වෙනුවෙන් 2016 වසරේ සිට ආරම්භ කර ඇති ළඟම පාසල හොඳම පාසල සංවර්ධන වැඩසටහන යටතේ දිවයිනේ පාසල් 9,064ක ව්‍යාපෘති 18,000ක් යටතේ සංවර්ධන කටයුතු සිදුකෙරෙයි. මෙහි සමස්ත මූල්‍ය ආයෝජනය රුපියල් මිලියන 65,000කි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, නිහාල් රණසිංහ, අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන, හිටපු තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල්, හෝමාගම එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක එරන්ද වැලිඅංගේ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මේ අවස්ථාවට එක්වූහ.‍

Post Views: 2
Previous Post

DLB – අභිමානී ප්‍රථම වැඩසටහන ඇමැති මංගලගේ ප්‍රධානත්වයෙන්

Next Post

රොන් මඩ ප්‍රශ්ණයක් විසදන්න හිටපු ඇමැති දුමින්දගේ මැදිහත් වීමක්

editor

editor

Next Post

රොන් මඩ ප්‍රශ්ණයක් විසදන්න හිටපු ඇමැති දුමින්දගේ මැදිහත් වීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved