දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෝටර් රථයකින් මහා පරිමාණ ලෙස මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ගොඩගම – පාලටුව අන්තර් හුවමාරුවේදී අත්අඩංගුවට ගැනීමට අධිවේගී මාර්ග පොලිසිය අද (14) සමත් විය.
පොලිසියට ලැබුණු විශේෂ තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී සැකකරුවන් සන්තකයේ තිබී අතිවිශාල මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය:
අයිස් (ICE): කිලෝග්‍රෑම් 06ක්
හෙරොයින්: කිලෝග්‍රෑම් 06ක්
පොලිසිය පවසන පරිදි අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි ගණනක් වේ. සැකකරුවන් මෙම මත්ද්‍රව්‍ය තොගය කොළඹ දෙස සිට මාතර දෙසට ප්‍රවාහනය කර ඇති බවට මූලික විමර්ශනවලදී සැක කෙරේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා මාතර පොලිස් ස්ථානය වෙත භාර දීමට නියමිතය. මෙම ජාවාරම පිටුපස සිටින ප්‍රධාන මහ මොළකරුවන් කවුරුන්ද යන්න අනාවරණය කර ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් පරීක්ෂණ දියත් කර තිබේ.














