අහමදාබාද් සිට ලන්ඩන් ගැට්වික් දක්වා ගමන් කළ AI171 ගුවන් යානය අද (12) ගුවන්ගත වීමෙන් පසු අනතුරකට ලක් වූ බව එයාර් ඉන්දියා තහවුරු කර ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය සදහන් කරන පරිදි අලහමදාබාද් සිට පැය 1338ට පිටත් වූ මෙම බෝයිං 787-8 ගුවන් යානයේ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 242ක් සිට තිබෙනවා.
ඉන් 169 දෙනෙකු ඉන්දියානු ජාතිකයන් වන අතර, 53 දෙනෙකු බ්‍රිතාන්‍ය ජාතිකයන්ය. ඊට අමතරව එක් කැනේඩියානු ජාතිකයෙක් සහ පෘතුගාල ජාතිකයන් 7ක් ඒ අතර වන අතර තුවාල ලැබූවන් ළඟම ඇති රෝහල් වෙත රැගෙන යමින් තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.