බංග්ලාදේශයේ අන්තර්වාර රජය මෙහෙයවීම සඳහා නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස් පත් කර තිබෙනවා.
ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන්, හමුදා නායකයින් සහ විශ්ව විද්‍යාල ශිෂ්‍ය කණ්ඩායමේ ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවයි එරට ජනාධිපති කාර්යාලය නිවේදනය කර කළේ.
බංග්ලාදේශයේ ශිෂ්‍ය විරෝධතා හමුවේ අගමැති ෂෙයික් හසීනා සිය අගමැති ධූරයෙන් ඉවත් වී රටින් පලා ගොස් දිනකට පසුවයි මෙලෙස මෙම පත්කිරීම සිදු කර ඇත්තේ.
බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට එක්සත් රාජධානියේ දේශපාලන රැකවරණ හිමිවන තුරු ඇයට ඉන්දියාවේ රැඳී සිටීමට ඉන්දීය රජය අවසර ලබාදී ඇති බව වාර්තාවනවා.
එමෙන්ම ඊයේ පස්වරුවේ බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරට ජනපති පියවර ගනු ලැබුවා.