අනුරාධපුරය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් විසින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
වර්ජනයට හේතු වී තිබෙන්නේ නාඳුනන පුද්ගලයෙකු විසින් එම රෝහලේ වෛද්‍යවරියක දුෂණය කිරීමේ සිද්ධියක් හා සම්බන්ධයෙනි.
කෙසේ වෙතත් විරෝධයේ නිරත වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙසය.
මෙලෙස දුෂණයට පත් වී ඇත්තේ 32 හැවිරිදි වෛද්‍යවරියෙක්.
ඇය ඊයේ (10) තමන්ගේ රාජකාරී කටයුතු නිමවී වෛද්‍යවරුන් සඳහා රජයෙන් ලබාදී තිබෙන තම නේවාසිකාගාරයට ගොස් තිබෙන අතර ඉන් පසු සවස 6:30ත් 7ත් අතර කිසියම් නාඳුනන පුද්ගලයෙකු පැමිණ පිහියක් පෙන්වා ඇයව බිය ගන්වා දූෂණය කර ඇති බව වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අනුරාධපුර පොලීසිය විසින් සිදු කරනු ලබයි.