• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

අනුරාධපුරය සංවර්ධනය කටයුතු කඩිනමින් – ඇමති චම්පික

29 June 2019
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අනුරාධපුරයේ ජලය බැස යන ජල මාර්ග 6 ක් සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත්, දුම්රිය, බස් නැවතුම්පල සහ සියළු ප‍්‍රවාහන මාදිලි එකට යාකෙරෙන බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයක් අනුරාධපුරයේ ඉදිකිරීමට සැලසුම්කර ඇති බවත් මහනගර ඇමති චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රුපියල් මිලියන 53 ක වියදමින් සංවර්ධනය කරන ලද ජය ශ‍්‍රී මහා බෝධින්වහන්සේගේ නැගෙනහිර ප‍්‍රවේශ මාර්ගය බැතිමතුන් උදෙසා විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින්. මෙම අවස්ථාවට අටමස්ථානාධිපති, උතුරු මධ්‍යම දිසාවේ ප‍්‍රධාන සංඝනායක අති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය, ඇමති චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

අමාත්‍යවරයා පැවසූවේ අනුරාධපුරයේ ශුද්ධ නගරයට ද්වාර 6 ක් සහ ද්වාර 6 හරහා දිවෙන පෙත් මං 6 ක් ඉදිකෙරෙන බවත්, ශුද්ධ නගරයේ අනවසර ඉදිකිරීම් ලෝලූ ගස් වැවට රැගෙන යාමට කටයුතු කරන බවත්, අතීත ශ‍්‍රී විභූතියෙන් පිරි අනුරපුර නගරය නවීන තාක්ෂණයට යටත්ව සංවර්ධනය කරන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, අනුරාධපුර ජය ශ‍්‍රී මහා බෝධිය අවට ප‍්‍රදේශය සම්පූර්ණයෙන්ම වෙන් කොට වෙනම ශුද්ධ නගරයක් හැටියට පවත්වා ගැනීම සඳහා අපි බලාපොරොත්තු වෙනවා. ද්වාර 6 ක් ඉදිකරන්න සැළසුම් සකස් කර තිබෙන්නේ. එයින් පසුව ද්වාර 6 සිට ජය ශ‍්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය සහ අටමස්ථානය දක්වා දිවයන පෙත්මං මේ ආකාරයටම සුන්දරව පවත්වාගැනීම තමයි අපගේ සැලැස්ම. ඒ සඳහා අපේ ශ‍්‍රී ලංකා රජයේ අරමුදල් පාවිච්චි කරනවා. ඊට අමතරව අපි බලාපොරොත්තුවනවා අනුරාධපුරයේ ජලය බැස යන ඇල මාර්ග 6 ක්, ඒ වගේම දුම්රිය ස්ථාන සහ බස්නැවතුම්පළ එකට යා කරන ප‍්‍රවාහන මධ්‍යස්ථානයක් ඇතුළු අනෙකුත් සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා ප‍්‍රංශ ආධාර යටතේ කටයුතු කරන්න. එහි පළවෙනි ව්‍යාපෘති 6 මේ වසරේදී ආරම්භ කරනවා. ඒ වගේම විදේශ අරමුදල් වලින් කොටසක් නගරයේ අනෙකුත් පහසුකම් නැංවීමට ඉදිරි වසර 03 දී අපි කටයුතු කරනවා. සුරම්‍ය නගරයක් ගොඩනැගෙන කොට පූජා භූමිය ඉතාමත්ම හොඳින් ගොඩනැගෙයි. ඒ වගේම වසර 10ක් පමණ විශාල උත්සාහයක් ගනු ලැබූ ලෝලූගස්වැව ව්‍යාපෘතියත්, ඒ කටයුත්තත් ඉදිරි කාලයේ අපේ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවත් එම කටයුතු ඉටු කරයි. එතකොට අපේ ප‍්‍රශ්න ගොඩාක් මේ කලාපයේ විසඳෙයි. පොදුවේ බොදු සැදැහැවතුන්ටත් සතුටු විය හැකියි ශ‍්‍රී විභූතියෙන් යුතු අනුරපුර නගරය නැවත නවීන තත්වය යටතේ ගොඩනැගී ඉදිරියට යාම පිළිබඳව යැයි අමාත්‍යවරයා පැවසීය.

Post Views: 2
Previous Post

ජුලි පලමු වෙනිදා එජාපයේ පිබිදීමක් – ඇමැති රවි කියයි

Next Post

මාකදුරේ මධුෂ්ගේ හෙළි කිරිම් ගැන ඇමැති රාජිතගෙන් අනාවරණයක්

editor

editor

Next Post

මාකදුරේ මධුෂ්ගේ හෙළි කිරිම් ගැන ඇමැති රාජිතගෙන් අනාවරණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved