පොලිස් සේවා වනිතා ඒකකයේ සභාපතිනි නිල්මිණී සමරතුංග මහත්මියගේ සංකල්පයකට අනුව දිවයින පුරා පොලිස් ස්ථාන කේන්ද්‍ර කරගනිමින් රූපලාවන්‍යාගාර පිහිටුවීමේ ව්‍යාපෘතියේ තවත් පියවරක් ලෙස අනුරාධපුර පොලිස් ස්ථාන පරිශ්‍රයේ ඉදි කළ නව ‘රූ සිරි’ රූපලාවන්‍යාගාරය 2026 පෙබරවාරි 07 වන දින විවෘත කරන ලදී. සාමාන්‍ය ජනතාව, විශේෂයෙන්ම කාන්තාවන් බියකින් තොරව පොලිස් ස්ථානය වෙත පැමිණීමට දිරිගැන්වීම සහ සහනදායී මිල ගණන් යටතේ ගුණාත්මක රූපලාවන්‍ය සේවාවක් සැපයීම මෙහි මූලික අරමුණ වන අතර, රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නිපුණතා සහිත පොලිස් නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකාවන් සඳහා රැකියා අවස්ථා ලබාදීම ද මෙහි තවත් සුවිශේෂී ලක්ෂණයකි.
නීතිඥ නිල්මිණී සමරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම විවෘත කිරීමේ උත්සවය සඳහා අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවා පතිරණ මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් රැසක් සහභාගී වූහ. කොළඹ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය සහ පාර්ලිමේන්තු වෙළඳ සංකීර්ණය තුළ දැනටමත් සාර්ථකව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය ඉදිරියේදී දිවයිනේ අනෙකුත් ප්‍රධාන පොලිස් ස්ථාන වෙත ද ව්‍යාප්ත කිරීමට නියමිතය.













