රට තුළ අපරාධ සහ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ අරමුණින් පොලීසිය විසින් දියත් කළ විශේෂ මෙහෙයුමකදී ඊයේ (මාර්තු 31) දිනය තුළ පමණක් පුද්ගලයන් 27,444 දෙනෙකුගෙන් ප්‍රශ්න කර තිබෙනවා.
මෙසේ ප්‍රශ්න කරන ලද පිරිස අතුරින් විවිධ අපරාධ සහ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 627 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මීට අමතරව රථවාහන වැරදි සම්බන්ධයෙන් ද දැඩිව නීතිය ක්‍රියාත්මක කර ඇති අතර බීමත්ව රිය පැදවූ රියදුරන් 168 දෙනෙකු ද අත්අඩංගුවට ගත් පිරිසට ඇතුළත්.
එමෙන්ම අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයන් 82 දෙනෙකු සහ වෙනත් විවිධ රථ වාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 4612 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරන්නේ.















