සරළ රජයක් යටතේ සරළ බදු ක්‍රමයක් ගෙන බව පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ පැවසුවේ අද (21) බෙලිඅත්ත ජනරැළිය අමතමින්.
එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ වත්මන් ආණ්ඩුව විසින් පනවා ඇති බදු බර අඩු කරන බවයි. එසේම වැට් බද්ධ 08% දක්වා අඩු කිරීමටත් ඔහුගේ රජයක් යටතේ සිදු කරන බව ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසිය. ව්‍යාපාරිකයින් හට සහන ලබා දීමට කටයුතු කරන බව හෙතෙම පැවසිය.