චීන ජනාධිපති ෂී ජින්පිං සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (30) දකුණු කොරියාවේ බුසන් නගරයේදී හමු වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.
චීනයේ හා අමෙරිකාවේ ජාතික තත්ත්වය වෙනස් වීම හේතුවෙන් මතභේද මඟහැරීම කළ නොහැක්කක් වන අතර, ලෝකයේ දැවැන්තම ආර්ථික දෙකක් ලෙස ගැටුම් හට ගැනීම සාමාන්‍ය බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දී තිබෙනවා.
එහෙත්, එවැනි අභියෝගයන් මධ්‍යයේ ද විධිමත් හා ස්ථාවර සබඳතාවයක් තබා ගැනීම අත්‍යවශ්‍ය බවත්, එමගින් දෙරටටම ප්‍රයෝජනවත් අනාගතයක් ගොඩනැංවිය හැකි බවත් ෂී ජින්පිං ජනපතිවරයා අවධාරණය කළේය.
ඒ අතර, චීනයේ සංවර්ධනය හා පුනර්ජීවනය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ “Make America Great Again” යන ඉලක්කයට පටහැනි නොවන බව ද ඔහු සඳහන් කළේය.
දෙරටට අන්‍යෝන්‍ය සාර්ථකත්වය සහ පොදු සමෘද්ධිය ලබා ගැනීම සම්පූර්ණයෙන්ම හැකි බවත්, චීනය සහ ඇමරිකාව විරුද්ධකාරීන් නොවී හවුල්කරුවන් හා මිතුරන් විය යුතු බවත් ජනාධිපති ෂී ජින්පිං ප‍්‍රකාශ කළේය.
තවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, ශක්තිමත් පදනමක් මත චීන–ඇමරිකා සබඳතාව ගොඩනැංවීමේ අරමුණෙන්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කිරීමට තමා කැමති බවය.














