19 September 2024
#දේශීය #පුවත්

අපේක්ෂක ප්‍රවර්ධන ස්ටිකර් ගලවන්න!

ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධන ආකාරයෙන් වාහන වල අලවා ඇති සියලුම ස්ටිකර් වහාම ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

පෞද්ගලික බස් රථ ත්‍රි ⁣රෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල ජනාධිපති අපේක්ෂකයින් සහ පක්ෂ ප්‍රවර්ධන වන ආකාරයේ සලකුණු ඡායාරූප ඇතුළත් ස්ටිකර් යනාදිය ප්‍රදර්ශනය කිරීම පිළිබඳ පැමිණිලි ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවපවසයි.

1981 අංක15දරණ ජනාධිපති වරයාතෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ74වන වගන්තිය යටතේ ඒ වරදක් බව සඳහන්ව ඇත.

මේ පිළිබඳව අවශ්‍ය පියවර ගන්නා ලෙස කොම්ෂන් සභාව විසින් පොලිසිය වෙත උපදෙස් දී ඇති බවද සඳහන් වේ.

[ලංකාදීප]

Leave a comment

Your email address will not be published. Required fields are marked *