• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපේ අපේක්ෂකයා කියන්නේ ජනාධිපතිවරණය ගැසට් කලාට පස්සෙයි – ඇමැති හැරිසන්

1 July 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කුඩු ජාවාරමටවත්, කුඩු බොන එකටවත් මරණ දඩුවම විසඳුම කියලා කවුරු හිතුවත් එය නිවැරදි නොවන බව කෘෂිකර්ම පශු සම්පත් සංවර්ධන වාරීමාර්ග හා ධීවර ජලජ සම්පත් අමාත්‍යය පී හැරිසන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුරයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දෙමින්ය,

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” එ.ජා.ප පක්ෂය තාම අපේ ජනාධිපති අපේක්ෂකයා නම් කරලා නෑ, අපේ පක්ෂය එකතු වෙලා කථා කරලා, එක්සත් ජාතික පක්ෂයට උදව් කරන සෙසු පක්ෂ එකතු වෙලා සාකච්ජා කරලා කෘත්‍යාධීකාර මණ්ඩලය හා ආණ්ඩු පක්ෂ කණ්ඩායම තමයි තීන්දු කරන්නේ, මොන තීන්දුව කළත් තාම ජනාධිපතිතුමාගේ කාළය ඉවර වෙලා නෑ, එතුමාගේ නියමිත කාළය තව මාස කීපයක් තියෙනවා, ඒ මාස කීපයට පෙර මැතිවරණයට ගියොත් තමයි ජනාධිපති අපේක්ෂකයා තීන්දු කරන්න වෙන්නේ, එතුමාගේ කාළ සීමාව ඉවර වෙනකල් ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා තීන්දු කරන්න බෑ, කීප දෙනෙක්ගේ පුද්ගලික අදහස් තියෙනවා, පක්ෂය තීන්දු කරලා තමයි අපි කියන්නේ ජනාධිපතිතුමා මැතිවරණයට ගැසට් කළාට පස්සේ අපේ අපේක්ෂකයා කවුද කියන එක කියන්නේ.මගේ පුද්ගලික මතයක් කියන්න බෑ, පක්ෂයක් හැටියට තීන්දු කරන්න ඕන, පක්ෂයේ කෘත්‍යාධීකාරී මණ්ඩලය, ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීම, අපි ඔක්කොම සාකච්ජා කරලා තීන්දුව දෙන්නම්.

මරණ දඩුවම සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වෙනවා, මගේ පෞද්ගලික මතය නම් මරණ දඩුවමට මම විරුද්ධයි, මිනිහෙක් එල්ලුවයි කියලා මේ ප්‍රශ්නය විසඳෙන්නේ නෑ, කුඩුකාරයෝ හතර දෙනෙක් එල්ලුවා කියලා මේ ප්‍රශ්නය විසඳෙනවා නම් අපිට ඒකට එකඟ වෙන්න පුළුවන් මේ 04 දෙනාම එල්ලුවාම රටේම ප්‍රශ්න ඉවරයි කියලා.හැබැයි ලෝකයේ මේ වගේ තිබුණ රටවල් වල මිනී මරලා, එල්ලලා මරලා මේ ප්‍රශ්නය විසඳලා නෑ, මේ තත්වයට ඇති වුණේ කොහොමද, ඒකට බලපෑ කාරණා මොනවද කියන එක පැහැදිලිව හොයලා බලලා කටයුතු කරන්න ඕන, ඒ නිසා කුඩු ජාවාරමටවත්, කුඩු බොන එකටවත් මරණ දඩුවම විසඳුම කියලා කවුරු හරි හිතනවා නම් මම හිතන්නේ නෑ ඒක විසඳුමක් කියලා.ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ මතයත් මරණ දඩුවමට විරුද්ධයි,පෞද්ගලිකව මමත් විරුද්ධයි.

මත්ද්‍රව්‍යය ජාවරම් වලට විවිධ දේශපාලඥයින්ගේ නම් සඳහන් වෙන්නේ අද ඊයේ නෙමෙයි.මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ කාළයෙත් මේ කථිකාවත ඇති වුණා.විශේෂ කාර්ය බළකාය වැටලීමක් සිදු කරලා දේශපාලඥයෙක් අත්අඩංගුවට ගත්ත වෙලාවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා හෙළිකොප්ටරයෙන් එතුමාගේ ගෙදර ගියා, ඒක කවුරුත් දන්න රහසක්,ඒ නිසා මේ අහිසංකයෝ දෙන්නෙක් තුන්දෙනෙක් එල්ලලා, තෝරු මෝරු ටික එළියේ තියලා මේ කරන වැඩෙන් ප්‍රයෝජනයක් තියෙනවාද කියන ගැටලුව ජනතාව හමුවේ තියෙනවා.රාජිත ඇමතිතුමා කියලා තියෙනවා පහුගිය දවසක එ.ජා.පයේ අයත් මේ මත්ද්‍රව්‍යය ජාවාරමට සම්බන්ධයි කියලා, ඒ නම් ටික එළියට දානකම කියන්න බෑ අපිට කවුද ඒ පුද්ගලයෝ කියලා, ඒ සාක්ෂි – සාධක ඔප්පු කරන්න පුළුවන් නම් ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු ලෑස්ති කරන්න පුලුවන්, මේ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලැබුනොත් අපේ පක්ෂයේ අය සම්බන්ධ නම් පක්ෂයෙන් අවශ්‍ය තීන්දු තීරණ ගන්නවා.

ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරියේදී ගෙන ඒමට නියමිතයි, ඔය වගේ ඒවා මීට පෙරත් ගෙන ආවානේ, ආණ්ඩුවට විරුද්ධව ගෙන ආවා, අගමැතිට විරුද්ධව ගෙන ආවා, ඇමතිවරුන්ට විරුද්ධව ගෙන ආවා, අපි ඡන්ද විමසීම් කලා, සමහර ඒවා කලින්ම ඉවත් වුණා, මේ ඉදිරියේ ගේන එකත් ඔය වගේ එකක් වේවි.මම හිතන්නේ නෑ දින 52 වගේ ආණ්ඩු හදන්නේ නැතිවෙයි, අධිකරණයෙන් තීන්දුවක් දීලා තියෙන නිසා.ඇති වුණ විරසක සම්බන්ධයෙන්, ගැටුම් සම්බන්ධයෙන් විසදුම් දුන්නා නේ,යැයි අමාත්‍ය හැරිසන් මහතා පැවසීය.

Post Views: 4
Previous Post

ශ්‍රී ලංකාව සහ බාබේඩෝස් රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹෙයි

Next Post

පොලිසියටත් ආත්ම ගෞරවක් ඇති බව බලවතුන් මතක තබා ගත යුතුයි – කථානායක

editor

editor

Next Post

පොලිසියටත් ආත්ම ගෞරවක් ඇති බව බලවතුන් මතක තබා ගත යුතුයි - කථානායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved