• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපේ දරුවන්ට රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය සහ ආකල්ප පවතින බව මට විශ්වාසයි. – හරිනි

10 October 2025
in දේශීය, පුවත්
අපේ දරුවන්ට රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය සහ ආකල්ප පවතින බව මට විශ්වාසයි. – හරිනි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අපේ දරුවන්ට රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය, හැකියාව සහ ආකල්ප පවතින බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය මාර්ග විවර කර දීම වැඩිහිටියන්ගේ යුතුකම බවත් අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

“Sri Lanka Skills Expo 2025” ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට ඔක්තෝබර් 10 දින සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.

ලංකාව තුළ තරුණයින් අතර පවතින රැකියා විරහිතභාවය අඩුකිරීම අරමුණු කරගනිමින් තුන්වන වරටත් මෙම ප්‍රදර්ශනය ඔක්තෝබර් මස 10 සහ 11 දෙදින අරලියගහ මන්දිර ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ. Industry Sector Skills Councils (ISSC) සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය එක්ව මෙම ප්‍රදර්ශනය පවත්වයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

“අපි ආරම්භ කරලා තියෙන අධ්‍යාපනය පරිවර්තනය තුළ මේක සුවිශේෂී අවස්ථාවක්. මෙහිදී අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම අපේ දරුවන්ට අධ්‍යාපනය තුළ පවතින අවස්ථා පුළුල් කරන්න විතරක් නෙවෙයි එම අවස්ථා හඳුනගන්න ඔබට මාර්ගය විවෘත කරන්න. මෙම අත්දැකීම් අධ්‍යාපනය තුළින් ලබාදීමට තමයි මේ වැඩසටහන් සංවිධානය කරන්නේ.

ඔබට පුළුවන් වෙනවා මේ ප්‍රදර්ශනය තුළ ඔබේ ඉදිරි ගමන් මග තුළ අදහසක් ලබාගන්න. ඔබේ සහ දෙමාපියන්ගේ කැමැත්ත, ඔබේ හැකියාවන් සියල්ලම සලකා බලලා අද ලෝකය තුළ නිර්මාණය වන අවස්ථා ගැන දැනුවත් වෙන්න හොඳම අවස්ථාවක් කියල මම හිතනවා.

ඇත්තටම මේ කාලය තුළ අධ්‍යාපනය ලබා සමාජයට ඇතුල් වෙන්න ඉන්න ඔබේ පරම්පරාවට අභියෝග ගණනාවක් තියෙනවා. තාක්ෂණය නිසා ලෝකය ඉතාමත් සීඝ්‍රයෙන් වෙනස් වෙනවා. විශේෂයෙන්ම අපි කාටවත් හිතා ගන්න බැරි විදිහට සමාජය වෙනස් වෙනකොට ඒ වෙනස් වෙන සමාජය තුළ වෘත්තීනුත් වෙනස් වෙනවා. අපි හිතන සාම්ප්‍රදායික ගමන් මගේ ගිහිල්ලා මේ සමාජය තුළ සාර්ථක විදිහට ගමනක් යන්න බැරි වෙනවා. වෙනස් වෙන සමාජය ගැන අපි හොඳ අවබෝධයකින් අපේ අධ්‍යාපන ගමන් මගේ යා යුතුයි.

මේ තුළින් අපේ ජාතික සංවර්ධන සැලැස්මටත් ඔබව එකතු කරගන්න පුළුවන් වෙනවා. අපි ආර්ථිකය දියුණු කරන්න යන ඒ මාවත් මොනවද කියන එක මෙම වැඩසටහන් මගින් ඔබට හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ සංවර්ධන ආර්ථික සැලැස්ම තුළ ඔබට කොතැනටද සම්බන්ධ වෙන්න පුළුවන් කොතනද කොටස්කරුවෙක් වෙන්න පුළුවන් කුමන මගකින්ද කියන එක ගැන ඔබට පමණක් නොවේ ඔබේ ගුරුවරුන්‍ට, දෙමාපියන්ටත් අවබෝධයක් ලබාගන්න පුළුවන්.

මෙම ප්‍රදර්ශනය අතිශයින්ම වැදගත් දෙයක්. මේ තුළින් ඔබට අලුත් ලෝකයක් , සමාජයක් විවෘත වෙනවා. ලෝකය තුළ ඇතිවන නව ප්‍රවණතා මොනවද කියල දැනගන්න පුළුවන් වෙනවා. ඔබ හිතනවට වඩා සමාජය තුළ ඔබට අවස්ථා තියෙනවා ඔබට තැනක් තියෙනවා. ඔබ එනකං අපි බලාගෙන ඉන්නේ. මේ අවස්ථාව භාර අරගෙන ඒවත් එක්ක ඉදිරියට යන්න. ඔබ ඉදිරියට යන ගමන තුළ රටක් දියුණු කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපේ පැත්තෙන් අපිට කරන්න පුළුවන් ඔබට මේ අවස්ථාව ලබා දෙන එක සහ අලුත් අවස්ථාවන්ට පාර කපලා දෙන එක. ඒ අවස්ථා අරගෙන ඉදිරියට යන එක තමයි ඔබට කරන්න තියෙන්නේ.

මට විශ්වාසයි මෙතන ඉන්න දූ දරුවන්ට සමාජය ගොඩනගන්න අවශ්‍ය ශක්තිය, හැකියාව සහ ආකල්පය තියෙනවා. ඔබ තමා ඊළඟ පරම්පරාවේ නායකත්වය ලබා ලබාගන්න ඉන්නේ. මං හිතන්නේ ඒක ඔබට හැමෝම කියන දෙයක්. නමුත් අපි කියනවා විතරක් නෙවෙයි ඒ අවස්ථා ඒ නායකත්වය ලබාගන්න පුළුවන් අධ්‍යාපන පසුබිමකුත් සමාජය තුළ ඒ ආර්ථික දියුණුවත් අපි ලබා ලබාදෙන්න අවශ්‍ය මාර්ග ඔබ වෙනුවෙන් විවර කරනවා. වැඩිහිටියන් හැටියට අපිට වගකීමක් තියෙනවා ඒක අපි ඔබට කොහොම හරි කරලා දෙනවා. එම අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන ඔබ මේ රට ඉදිරියටම ගෙනියන්න කියන ආරාධනය කරනවා. යැයි අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

Post Views: 6
Previous Post

කිලෝ මීටර් 3න් තුනට පාසල් හදනවා කිව්වේ නෑ – නලින්ද සජිත්ට පැහැදිලි කරයි

Next Post

ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණයි – සුනිල් හදුන්නෙත්ති

Editor TTV News

Editor TTV News

Next Post
ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණයි – සුනිල් හදුන්නෙත්ති

ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණයි - සුනිල් හදුන්නෙත්ති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණයි – සුනිල් හදුන්නෙත්ති

ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණයි – සුනිල් හදුන්නෙත්ති

10 October 2025
අපේ දරුවන්ට රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය සහ ආකල්ප පවතින බව මට විශ්වාසයි. – හරිනි

අපේ දරුවන්ට රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය සහ ආකල්ප පවතින බව මට විශ්වාසයි. – හරිනි

10 October 2025
කිලෝ මීටර් 3න් තුනට පාසල් හදනවා කිව්වේ නෑ – නලින්ද සජිත්ට පැහැදිලි කරයි

කිලෝ මීටර් 3න් තුනට පාසල් හදනවා කිව්වේ නෑ – නලින්ද සජිත්ට පැහැදිලි කරයි

10 October 2025
හිටපු මහ බැංකු අධිපතිටත් බිලියන 1.8ක දූෂණ චෝදනා

හිටපු මහ බැංකු අධිපතිටත් බිලියන 1.8ක දූෂණ චෝදනා

10 October 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණයි – සුනිල් හදුන්නෙත්ති

ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණයි – සුනිල් හදුන්නෙත්ති

10 October 2025
අපේ දරුවන්ට රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය සහ ආකල්ප පවතින බව මට විශ්වාසයි. – හරිනි

අපේ දරුවන්ට රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය සහ ආකල්ප පවතින බව මට විශ්වාසයි. – හරිනි

10 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved