• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපේ පක්ෂයෙන් ඉවත්ව ගිය පිරිසක් අතරමං වෙලා – මන්ත්‍රී එස්.බි. දිසානායක

20 February 2024
in දේශීය, පුවත්
අපේ පක්ෂයෙන් ඉවත්ව ගිය පිරිසක් අතරමං වෙලා – මන්ත්‍රී එස්.බි. දිසානායක
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අප පක්ෂයෙන් ඉවත්ව ගිය කණ්ඩායම් අතරමන්ව සිටින බවත් ලබන මැතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වීමට එම පිරිසට සමගි ජනබලවේගයෙන් හෝ පොහොට්ටුවෙන් නාමයෝජනා පත්‍ර භාරගැනීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද(20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා, “අපි 2021 වන කොට විශාල ආර්ථික ප්‍රපාතයකට වැටිලා තිබුණේ. මෙහි සම්පූර්ණ චෝදනාව අපේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් පටවන්න විපක්ෂය ඉතා ලැජ්ජානැති උත්සහයක යෙදෙනවා. ඒ උත්සහය කරන්න දැගලුවත් ඒ මහා ප්‍රපාතයට ඇඳවැටෙන්න හේතු කිහිපයක් බලපෑවා. එහි ප්‍රථම එක තමයි යහපාලන ආණ්ඩුව කාලය තුළ ආර්ථිකය ඉතාමත් ප්‍රපාතයකට ඇඳ දැමීම. 2019 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට රට භාරදෙනකොට රටේ ආර්ථික සංවර්ධනය සෘණ දශම දෙකක අවපාතයකට ගිහින් තිබුණා. ඒ එක්කම එතුමා බලය අතට අරගෙන හැරෙනකොටම මුළු ලෝකයම වසාගත් මහා කොවිඩ් වසංගතය පැමිණියා. එය අපි හොඳින් පාලනය කරනු ලැබුවා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වැරදි උපදෙස් අරගෙන එතුමා කාබනික කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් හදන්න ගිහිල්ලා එයත් ආර්ථිකයට නරක විදිහට බලපෑවා. හැබැයි කවුරුවත් භාරගන්නේ නැති අවස්ථාවේ අපි රට භාරගන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට භාරදුන්නා. මේ කෙටිකාලය තුළ එතුමා ලෝකයේ හිතපු නැති වේගයකින් වේගවත් සංවර්ධන තලයට ගැනීමට ගෞරවය අපි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලබාදෙන්න ඕන. රටේ දේශපාලන රැළි නොයෙකුත් ඒවා මතුවෙමින් එනවා. ව්‍යවසායකයන් දෙදෙනෙක් අපේක්ෂකයන් හැටියට තරඟකරන්න ඉදිරියට පැමිණ තිබෙනවා. එක්කෙනෙක් අපේ පක්ෂයටත් සම්බන්ධ ධම්මික පෙරේරා මහතා. ඔහු දක්ෂ ව්‍යවසායකයෙක්. ඔහු සාර්ථක ව්‍යාපාරිකයෙක්. ඔහු DP Education වැඩසටහන හරහා ළමුන් විශාල සංඛ්‍යාවකට අද නවීන පරිගණක තාක්ෂණය ඉගැන්වීම් කරගෙන යනවා. ඒ වගේම අපේ පක්ෂයෙන් එළියට ගිය කණ්ඩායම් එහෙමෙහෙ යමින් ඉන්නවා. ලබන මැතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් වෙන්නට නම් ඕනම කෙනෙකුට සමගි ජනබලවේගයෙන් හෝ පොහොට්ටුවෙන් නාමයෝජනා පත්‍ර ගන්න වෙනවා. ජෙවිපි එකට යම්කිසි ප්‍රමාණයක ඡන්දයක් ලැබෙයි. 10%, 12% ක් වගේ ප්‍රමාණයක්. එසේ ඔවුන් නැගීමක් නැගිට්ටේ ඒ අරගල සමයේ. එය ආපහු වැටිලා තිබෙනවා. පෞද්ගලික ව්‍යාපාරිකයන් සඳහා අපගේ ව්‍යාපාර ආයතන පැවරීමටත් අපගේ ව්‍යාපාර ඔවුන් හරහා ශක්තිමත් කිරීමටත් පුළුවන්තරම් විදේශ ආයෝජකයන් මේ රට ගෙන්වා ගැනීමටත් අපි හැමදෙයක්ම කළයුතු වෙනවා. එහෙම කරපු රටවල් තමයි නැගිට්ටේ. එහෙම කරපු ඉන්දියාව, චීනය, සිංගප්පුරුව, මැලේෂියාව අද ලෝකයේ ධනවත් බලවත් රටවල්වෙලා තිබෙනවා. එම රටවල් පෞද්ගලික ව්‍යවසායකයන්ට ඉතාම මිත්‍රශිලී පරිසරයක් රට තුළ හැදුවා. මේ අවස්ථාවේ තදින් පෞද්ගලික ව්‍යාපාරයන්ට හා විදේශ ආයෝජකයන්ට විරුද්ධව මත ප්‍රචාරය කරපු, දැඩි ලෙස ඉන්දියානු විරෝධයක් මේ රට තුළ ගොඩනගමින් හිටපු පිරිසම ඉන්දියාව සමඟ මිත්‍රශිලීව , ඉන්දියාවෙන් ලංකාවට ආයෝජනය කරන ආයෝජකයින් මුණගැහිලා, ඒ පැමිණිමෙන් ජනතා විමුක්ති පෙරමුණෙන් මම දකින්නේ හොඳ ධනාත්මක ලක්ෂණයක්. අපි හැම අවස්ථාවේම හිතන්නේ අපේ රට ඉක්මණින් මේ තත්වයෙන් ගොඩඑන්න පුළුවන්තරම් විදේශ ආයෝජකයින්ට හිතකර, මිත්‍රශිලී පරිසරයක් රට තුළ ගොඩනගලා විදේශ ආයෝජකයන් ගෙන්වා ගන්න ඕන. ඒ වගේම දේශීය ආයෝජකයන්ටත් ශක්තිය දෙන්න ඕන. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපි කැපවෙනවා කියන කාරණය කියන්න කැමති. ”යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා සඳහන් කළේ ය.

Post Views: 12,058
Previous Post

මේ වසරේ මැද වන විට උද්ධමනය 5% මට්ටමකට ගෙනවා – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

Next Post

රටේ ආර්ථිකය ගොඩනැඟීමේ දී කෘෂිකර්මාන්තය පිළිබඳ දැඩි විශ්වාසයක් තබා තිබෙනවා – ජනපති

editor ttvnews

editor ttvnews

Next Post
රටේ ආර්ථිකය ගොඩනැඟීමේ දී කෘෂිකර්මාන්තය පිළිබඳ දැඩි විශ්වාසයක් තබා තිබෙනවා – ජනපති

රටේ ආර්ථිකය ගොඩනැඟීමේ දී කෘෂිකර්මාන්තය පිළිබඳ දැඩි විශ්වාසයක් තබා තිබෙනවා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved