ලංකාවේ රබර් නිෂ්පාදනයෙන් 1/3ක් පමණ ඇමරිකාවට අපනයනය කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසනවා.
ඇමරිකානු තීරු බදු වැඩි කිරීම තුළ රබර් කර්මාන්තයට ගැටලුවක් මතු වනු ඇතැයි ඇතැමුන් බිය වුවත් ඇමතිවරයා පවසා සිටින්නේ එය එසේ නොවන වගයි.
කෙසේ වුව ද ස්වභාවික රබර් අපනයනය කරන මැලේසියාව වියට්නාමය වැනි රටවලට ලංකාවට වඩා වැඩි බද්දක් ඇමරිකාව පනවා ඇති බව ද සමන්ත විද්‍යාරත්න ප්‍රකාශ කරයි.
එහෙයින් අඩු බදු ප්‍රතිශතයක් සහිත ලංකාවේ රබර් සඳහ විශේෂ වෙළඳපොළ අවස්ථාවක් මතු වනු ඇති බව ද ඔවු පවසා සිටියි.