“Dogs of Chernobyl” නම් සංවිධානයට අයත් කණ්ඩායමක් විසින් නිල් පැහැති ලොම් සහිත සුනඛයන් කිහිප දෙනෙකු දර්ශනය වී ඇති බව වාර්තා වී තිබෙනවා.
යුක්රේනයේ චර්නොබිල් න්‍යෂ්ටික බැහැර කිරීමේ කලාපයේදී යි මෙම විශේෂ සිදුවීම වාර්තා වී තිබෙන්නේ.
කෙසේ වෙතත් මෙම සුනඛයන් සතියකට පෙර සාමාන්‍ය පැහැතිව සිටි නමුත් ඔවුන්ගේ ලොම් දිදුලන නිල් පැහැයකට මාරු වී තිබෙන බව ඔවුන්ට නිරීක්ෂණය වී තිබෙනවා.
එම සංගමයේ සුනඛයන් රැකබලා ගන්නා කණ්ඩායම සැක පල කරන්නේ මෙම බල්ලන් නිල් පැහැයට හැරීමට හේතුව රසායනික ද්‍රව්‍යයක් සමග සම්බන්ධ වී ඇති බවයි.
විද්‍යාඥයින් පරිසරයේ ඇති කාර්මික රසායනික ද්‍රව්‍ය හෝ බැර ලෝහවලට නිරාවරණය වීම ඇතුළු අනෙකුත් රටාවන් ගවේෂණය කරමින් සිටී. පර්යේෂකයන් පරීක්ෂණ සඳහා ලොම්, සම සහ රුධිර සාම්පල මෙ වන විටත් එකතු කරමින් සිටිනවා.
“හේතුව අපි දන්නේ නැහැ, මොකද වෙන්නේ කියලා අපිට දැනගන්න පුළුවන් වෙන්න අපි ඔවුන්ව අල්ලා ගැනීමට උත්සාහ කරනවා. බොහෝ විට ඔවුන් යම් ආකාරයක රසායනික ද්‍රව්‍යයකට ඇතුල් වෙනවා ඇති. ඔවුන් ඉතා ක්‍රියාශීලී බව පෙනෙන අතර මේ අවස්ථාවේදී අපට ඔවුන්ව අල්ලා ගැනීමට නොහැකි වී තිබෙනවා,” යනුවෙන් සංවිධානය සටහනේ සඳහන් කර තිබේ.
කෙසේ නමුත් මෙම බල්ලන් පැහැයෙන් අසාමාන්‍ය වුවත් ක්‍රියාශීලි බවයි ඔවුන්ගේ නිරීක්ෂකයන් පසු සදහන් කර ඇත්තේ
 
			 
                                
 
                                
 
							












