හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව වරදකරුවන් වූ විත්තිකරුවන් 12 දෙනෙකුට මරණ දඬුවම නියම කිරීමට ගම්පහ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (11) තීරණය කළේය. 2022 වසරේ මැයි මස 09 වැනිදා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය අතරතුර නිට්ටඹුව ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදු විය. වසර කිහිපයක් තිස්සේ විභාග වූ මෙම සුවිශේෂී නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල අවධාරණය කළේ ඉදිරිපත් වූ සාක්ෂි මගින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවයි.














