ඉන්දියාවේ බලගැන්වීමේ අධ්‍යක්ෂ මණ්ඩලය (ED) විසින් අනිල් අම්බානි සම්බන්ධිත රිලායන්ස් සමූහයේ ඉන්දියානු රුපියල් බිලියන 30.84ක වත්කම් තාවකාලිකව අත්හිටුවා ඇත.
ඒ, YES Bank වෙතින් ඩොලර් මිලියන 568කට අධික ණය 2017–2019 කාලය තුළ ලබාගන අයෝජනවල අවභාවිතා කිරීම සම්බන්ධවයි. විමර්ශකයන් පවසන්නේ එම මුදල් බොහෝ කිසිදු ව්‍යාපාරයක ප්‍රතිලාභයක් ලබා ගෙන නොතිබුණු අතර එම මුදල් ෂෙල් සමාගම් වෙත නැවත හරවා යැවූ බවයි.
මෙම සිද්ධියට අදාළව මුම්බායි, දිල්ලි සහ චෙන්නායිහි ඇති ඉඩම් ගනුදෙනු නවතා තිබෙන අතර, අනිල් අම්බානිගේ පවුලේ නිවස ද එම වත්කම් අතරට ඇතුළත් බව පවසයි.
තවද, YES Bank නිලධාරීන්ට අල්ලස් ගෙවීම සහ රිලායන්ස් කමියුනිකේෂන් ඇතුළු අනුබද්ධිත ආයතන මගින් රුපියල් බිලියන 136කට අධික මුදල් අවභාවිතය සම්බන්ධයෙන් ද චෝදනා පවතින බව ED පවසයි.
මෙය ඉන්දියාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහකට ලක්ව ඇත.
මෙම පරීක්ෂණය ඉන්දියාවේ ව්‍යාපාරික පරිසරය තුළ විශාල කතාබහකට ලක් වන අතර, අනිල් අම්බානිගේ ව්‍යාපාරික අනාගතය පිළිබඳව ද දැඩි සැකයක් පැන නැගී ඇත.













