මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ජීවිතවලට අවදානමක් පවතින බවට ලැබුණු බුද්ධි තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා අද (25) මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ, අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් අනාවරණය වූ තොරතුරු ඔස්සේ මෙම විමර්ශන ක්‍රියාත්මක වන බවයි.
අමාත්‍යවරුන් දෙපළගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් පවතින අතර, මෙම තර්ජනයට සම්බන්ධ පුද්ගලයින් හෝ කණ්ඩායම් අනාවරණය කර ගැනීමට බුද්ධි අංශ සහ CID නිලධාරීන් එක්ව කටයුතු කරයි.














