ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක් සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතර විශේෂ හමුවක් ඊයේ (06) අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. මෙරට කාර්මික ක්ෂේත්‍රය මුහුණ දෙන වර්තමාන අභියෝග සහ නිෂ්පාදන ආර්ථිකයක් කරා මෙරට යොමු කිරීමේ ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වී තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා කාර්මික අංශයේ ප්‍රගතිය තීරණාත්මක සාධකයක් වන බව අමාත්‍යාංශය මෙහිදී අවධාරණය කළේය.
දේශීය ව්‍යවසායකයන් සවිබල ගැන්වීම සඳහා රජය ක්‍රියාත්මක කරන නව වැඩපිළිවෙළවල් මෙන්ම ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව ලබාගත හැකි ක්‍රමවේදයන් පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමුව ඇත. දේශීය කර්මාන්තකරුවන්ට හිතකර ව්‍යාපාරික වටපිටාවක් නිර්මාණය කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් මෙරට ආර්ථිකයට නව පණක් ලබා දීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ වී තිබේ. නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා අවශ්‍ය ප්‍රතිපත්තිමය සහාය අඛණ්ඩව ලබා දීමට රජය කැපවී සිටින බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.














