90 දශකයේ අතිශය ජනප්‍රිය වූ ‘ඩෝසන්ස් ක්‍රීක්’ (Dawson’s Creek) ටෙලි කතා මාලාවේ ඩෝසන් ලීරිගේ චරිතයෙන් ලොව පුරා රසික ආදරය දිනාගත් ඇමෙරිකානු රංගන ශිල්පී ජේම්ස් වැන් ඩර් බීක් (James Van Der Beek) අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු 48 වන වියේ පසුවූ අතර, වසර කිහිපයක් තිස්සේ ඔහු මහාන්ත්‍ර පිළිකා (Colorectal Cancer) රෝගී තත්ත්වයෙන් පීඩා විඳිමින් සිටියේය. 2024 වසරේදී තමන් පිළිකා රෝගියෙකු බව ඔහු ප්‍රසිද්ධියේ අනාවරණය කළේ සංවේදී වීඩියෝවක් හරහාය.














