දින 13ක් පුරා උෂ්ණත්වය සෙල්සියස් බිංදුවට වඩා පහළට
නගරය පුරා දැඩි අවදානම් තත්ත්වයක්
අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට බලපා ඇති අධික ශීත කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පසුගිය ජනවාරි මාසයේ අග සිට නගරයට බලපෑ මෙම කාලගුණික විපර්යාසය හේතුවෙන් ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වාර්තා වන අන්දමට අඛණ්ඩව දින 13ක කාලයක් පුරා උෂ්ණත්වය සෙල්සියස් අංශක 0 හෝ ඊට වඩා අඩු අගයක පැවතී ඇත. ඉදිරි දිනවලදී ද අධික ශීතල සහ හිම පතනය තවදුරටත් පැවතිය හැකි බැවින් නිව්යෝර්ක් නගරය පුරා බරපතල අවදානම් තත්ත්වයක් පවතින බවට බලධාරීන් අනතුරු අඟවා තිබේ.














