අමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ඩොලර් මිලියන 5ක මුදලකට අලෙවි කිරීමට පියවර ගන්නා බව එරට ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් පවසා තිබේ.
අමෙරිකානු පුරවැසිභාවය ලබා ගත හැකි ‘ගෝල්ඩ් කාඩ්’ ක්‍රමය ලෙස මෙය හදුන්වා දී තිබේ.
එහිදී ධනවත් විදේශිකයින් හට ඩොලර් මිලියන 5ක ගාස්තුවකට අමෙරිකාවේ පුරවැසිභාවය ලබා ගත හැකි බවත්, එමගින් අමෙරිකාව තුළ වාසය කිරීමට මෙන්ම රැකියා හා ව්‍යාපාර කිරීමේ අයිතිය ද ඔවුන්ට හිමි වන බවත් ඔහු මෙහිදී කියා සිටී.
ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ සති දෙකකින් පමණ මෙම නව ‘ගෝල්ඩ් කාඩ්’ විකිණීමේ වැඩිපිළිවෙල ආරම්භ කෙරෙනු ඇති බවය.
එමෙන්ම ඇමරිකානු පුරවැසිභාවය නොමිලේ ලබා දීම වෙනුවෙන් මේ වන විට ‘ග්‍රීන් කාඩ්’ ලොතරැයිය ක්‍රියාත්මක කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා වල සදහන්ය.