පවතින ආපදා තත්ත්වය නිසා කොළඹ දුම්රිය මාර්ගය පස් සහ ගල් පෙරලීමෙන් අවහිර තිබුණා. එය මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.දඹුල්ල ගල්වැටියාව මාර්ගයේ පාලමක් ද විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.
අධික වැසි හේතුවෙන් ගලේවෙල ප්‍රදේශයේ නිවාස හතළිහක් පමණ ජලයෙන් යටව තිබෙනවා.
වවුනියාව නෙදුන්කර්නි රෝහලද ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ.
වවුනියාව දකුණ කළුකුන් නම් මඩුව ග්‍රාමයේ පුද්ගලයන් හය දෙනෙකු ජල ගැලීම් හේතුවෙන් කොටුවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කුරුණෑගල අඹන්පොළ ගල්ගමුව දුම්රිය මාර්ගය වෙතට ද ගසක් කඩා වැටී තිබුණා.
එම ගස පොලිසිය ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
බදුල්ල ඉදල්ගස්හින දුම්රිය ස්ථානයට ප්‍රවේශ වන මාර්ගයට ද පස් කන්දක් කඩා වැටුණා.
එය මේ වන විට ඉවත් කර තිබෙනවා.
වැලිමඩ අඹේවිල හිලන්චයේ යන ස්ථානයේ නායම් තත්ත්වයක් හේතුවෙන් නිවාස තුනකට හානි සිදුව තිබෙනවා
එම නිවාස වල සිටි සියලු දෙනාම නිරූපත්වීතව බේරා ගැනීමට හැකිවූ බව කැප්පෙටිපොළ පොලිසිය ප්‍රකාශ කළා.
දුන්හිද ඇල්ල අසල පස් කඳු කඩා වැටීම හේතුවෙන් බදුල්ල අහියන්ගනය මාර්ගය අවහිර වී තිබෙනවා.
පස්සර මඩගන්තලාව ප්‍රදේශයේ නිවසක්ද පවතින ආපදා තත්ත්වය හමුවේ නාය ගොස් ඇති බව වාර්තා වෙනවා.
එහි සිටි පුද්ගලයන් දෙදෙනෙක් මේ වන විටත් අතුරුදන්වා ඇති ආපදා කළමනාකරණ ඒකකය පවසන්නේ.
පොළොන්නරුව මනම්පිට මාර්ගය ගල්ලෑල්ල ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම වසා තමා තිබෙනවා.
නානුඔය ග්‍රේට් වෙස්ටන් දුම්රිය මාර්ගයට ද පස් හා ගල් කඩා වැටීමෙන් හානි සිදු වුණා.මේ හේතුවෙන් දුම්රිය ගමනාගමනය නානුඔය දක්වා පමණක් සීමා කර තිබෙනවා.
වලපනේ හයිපෝස්ට් සිට වලපනේ දක්වා තිබෙන මාර්ගයට පස් කණ්ඩියක් කඩා වැටුනා.නරන්තලාව ප්‍රදේශයේ නිවසක්ද නාය ගොස් තිබෙනවා.නුවරඑළිය නගරයේ ද නිවසක් නායගොස් ඇති බව වාර්තා වනවා.
නුවරඑළිය නගරය ද මේ වනවිටට ගංවතුර හේතුවෙන් සම්පූර්ණයෙන්ම යටව තිබෙනවා.මහනුවර උඩුදුම්බර මීමුරේ මාර්ගයට මාර්ගයට ද පස් කන්දක් කඩා වැටී ඇති බව වාර්තා වනවා.
පාත හේවා හැට නුවර දෙල්තොට ප්‍රධාන මාර්ගයේ තලවතුඔය හරහා උඩුදෙනිය ප්‍රදේශයෙන්ද නාය යාමක් වාර්තා වනවා.
මහ මැදකම පල්ලේගම කුරුවක හන්දිය අසල නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් අතුරුදන්ව සිටිනවා.
හාරිස්පත්තුව අත්තරගම හරහා ඉදිකර ඇති වේල්ල කඩා වැටී මරන් ගහ තැන්න අතුරු මාර්ගය මේ වන විට අවහිරව තිබෙනවා.
ගම් කොට ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටුණා.එහි සිටි නිවැසියන්ව නිරූපත් රිතව මුදවා ගැනීමට යුද හමුදාව සමත් වී තිබෙනවා.
මැදගම පවුල් තුනකට අයත් පුද්ගලයන් දහයක් ජල ගැලීම් හේතුවෙන් කොටුවී සිටියා.මැදගම පොලිසිය ඔවුන්ව මුදවා ගෙන තිබෙනවා.
කන්ද වෙන්න ප්‍රදේශයේ ගංවතුරට හසුවූ පවුල් 09ක ජනතාව මුදා ගැනීමටද යුද හමුදාව කටයුතු කළා.













