පාකිස්තානයට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් පුද්ගලයින් 45 දෙනෙකු මියගොස් තිබෙනවා.
පකිස්තානයට බලප ඇති මෝන්සූන් තත්ත්වය මීට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.
එසේම ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වීමද වාර්තා වනවා. මියගිය අය අතර දරුවන් 10 දෙනෙකු වන බව වාර්තා වේ. මේ අතර, තවත් පුද්ගලයින් 63 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
වර්ෂාවත් සමඟ ඇතිවු ගංවතුර තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක ගමනා ගමනයට ද බාධා එල්ල වී ඇති බව සඳහන්.
කෙසේ වෙතත් එරට කාලගුණ වාර්තා පෙන්වා දෙන්නේ වර්ෂාපතන තත්වය ඉදිරි දින කිහිපයදීත් බලාපොරොත්තු විය හැකි බව යි.