කොළඹ නෙලුම් කුලුනේ 29 වැනි මහලෙන් පැන දිවි හානිකරගත් සිසුවිය පිළිබඳව පොලිසිය විසන් තොරතුරු රැසක් අණාවරණය කරගෙන තිබේ.
මෙස් ජීවිතක්ෂයට පත්ව තිබුණේ කොළඹ කොල්ලුපිටියේ පදිංචි අවුරුදු 16ක පාසල් සිසුවියක් වන අතර ඇය කොළඹ ජාත්‍යන්තර පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිට ඇත.
එසේම මෙම සිසුවිය මිට මාස කිහිපයකට පෙර කොම්පඤ්ඤවීදිය අල්ටෙයාර් නිවාස සංකීර්ණයෙන් බිමට පැන දිවි හානිකරගත් සිසුවිය හා සිසුවාගේ මිතුරියක් බවත් ඇය එම සිදුවීම හේතුවෙන් මානසික පීඩාවෙන් පෙලී ඇති බවත් මිය ගිය සිසුවියගේ පියා පොලිසිය සඳහන් කර තිබේ.