හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගෙන් අල්ලස් හෝ දුෂණ චෝදනාව විමර්ශන කොමිෂන් සභාව ඊයේ (26) පැය දෙකකට ආසන්න කාලයක් ප්රශ්න කර ප්රකාශයක් සටහන් කර ගත්තේය.
රෝයල් පාක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම කෙරුණු විත්තිකරුවූ ජූඩ් ශ්රමන්ත ජයමහ නැමැත්තාට පොදු සමාව ලබාදීම සඳහා අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව ඔහුගෙන් මෙසේ ප්රකාශ සටහන් කර ගත් බව එම කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
පුද්ගලයකු අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ පෙත්සමක් අනුව කොමිසම ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළේය. රෝයල් පාක් ඝාතන සිද්ධිය වූයේ පසුගිය 2005 වර්ෂයේ ජුලි මස පළවෙනිදාය.
ඉවෝන් ජොන්සන් නමැති ස්වීඩන ජාතික තරුණියක් එහිදී මරුමුවට පත්වූවාය.මෛත්රිපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස සිටියදී ඔහු විසින් 2019 වර්ෂයේදී එම විත්තිකරු පොදු සමාව යටතේ නිදහස් කරනු ලැබීය.