අලිමංකඩ – උතුර ලුණු ලේවාය නැවත ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබි තිබෙනවා.
කුරුන්චතිවු අලිමංකඩ – උතුර ලුණු ලේවාය උතුරු නැගෙනහිර පළාත්වල පැවති යුදමය වාතාවරණ්‍ය හමුවේ නැවතී තිබුණා.
මේ වනවිට එහි නිෂ්පාදන හා මෙහෙයුම් කටයුතු රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමය යටතේ ආරම්භ කිරීම සඳහා දේශීය ආයෝජකයින් වෙතින් අභිලාශ ප්‍රකාශ කිරීම් කැඳවීමට පියවර ගෙන තිබුණා.
නමුත් එමඟින් අපේක්ෂිත ප්‍රතිඵල අත්පත් කරගැනීමට නොහැකි වී තිබෙන බවයි වාර්තා වුණේ.
කෙසේ වෙතත් මෙම නිෂ්පාදන කටයුතු රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමය යටතේ නැවත ආරම්භ කිරීමට ජාත්‍යන්තර වශයෙන් අභිලාශ ප්‍රකාශ කැඳවීම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.