වනඅලීන් මියයෑම සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමේ කටයුතු සඳහා අදාළ අංශ හරහා ඉල්ලා සිටින බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පවසා සිටිනවා.
පරිසර අමාත්‍යංශයේ ලේකම්තුමා සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් වැඩබලන පොලිස්පතිතුමා වෙත ඉල්ලීම් සිදු කර ඇති බවයි ඔහු පැවසුවේ.
මෙම කරුණු පිළිබඳ ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා විසින් සිදු කරන ලද විශේෂ ප්‍රකාශය
මේ දිනවල සිදුවන අලි ඝාතන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණයක් කරන ලෙස අද දිනයේත් ඉල්ලා සිටියා. නැවත වතාවක් අලි මරණ ගණනාවක් එක විට සමාජ මාධ්‍ය ජාලා හරහා වාර්තා වුණා. ඉන් එක් අලි මරණයක් ගල්ගමුව ඇහැටුවැව ප්‍රදේශයේ සිදු වූ අලි මරණයක් සම්බන්දයෙන් සමාජමාධ්‍ය ජාලා හරහා වාර්තා වුණා. ඒ අලි මරණය දින කිහිපයකට කලින් සිදු වූ අලි මරණයක්. ඉයේ දිනයේ තමයි එක්වරම සමාජ මාධ්‍ය හරහා පැතිරෙන්න පටන් ගත්තේ. ඒ වගේම තමයි ඒ හා සමගාමීව සීගිරිය ප්‍රදේශයේ මිය ගිය අලි 3 දෙනෙකුගේ සිරුරු සොයා ගැනිමක් සිදුවුණා. සිරුරු 3 න් එක් අයෙක් වසරකට පමණ ආසන්න කාලසීමාවක් තුළ තමයි මිය ගිහින් තියෙන්නේ. මේ අලි මරණ සම්බන්ධයෙන් එකවර සමාජ මාධ්‍යජාලා ඔස්සේ පැතිරෙන්න පටන් ගත්තා. මේ අලි මරණ අපේ රටේ ජනතාවට හැගුම්බර දෙයක්. මේ සංවේදී ගැටලුව පාවිච්චි කරමින් යම්කිසි සංවිධානයක් විසින් ක්‍රියාවලියක් සිදුවනවාද යන සැකය අපිට මතු වුණා.