අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා අද (13) සහ හෙට (14) යන දින දෙකේදීම ප්‍රවාහන පහසුකම් සැපයීමට සූදානම් බව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය පවසයි. මධ්‍යස්ථානයේ කළමනාකාර සහකාර ඩී.එන්. වෙත්තසිංහ මහතා සඳහන් කළේ දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ගමන් ගන්නා මගීන් වෙනුවෙන් විශේෂ බස් රථ බල ඇණියක් සූදානම් කර ඇති බවයි.
අද (13) උදෑසන වන විට මාකුඹුර මධ්‍යස්ථානයෙන් ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමට පැමිණි මගීන්ගේ යම් අඩුවක් දක්නට ලැබුණු අතර මගී අවශ්‍යතාවය පරිදි ධාවනය කිරීමට අවශ්‍ය තරම් බස් රථ එහි ගාල් කර තිබේ. හෙට අලුත් අවුරුදු උදාව සිදුවන බැවින් අවසන් මොහොතේ ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් මෙම සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.














