සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිදුවිය හැකි ගිනිකෙළි අනතුරු වළක්වා ගැනීම සඳහා අවශ්‍ය පූර්ව ආරක්ෂක පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී. විශේෂයෙන්ම වැඩිහිටි අධීක්ෂණයකින් තොරව කුඩා දරුවන්ට ගිනිකෙළි හැසිරවීමට ඉඩ නොදෙන ලෙස දෙමාපියන්ගෙන් සහ භාරකරුවන්ගෙන් විශේෂ ඉල්ලීමක් කෙරේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අනතුරු වැළැක්වීමේ අංශයේ ප්‍රධානී, ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා අවධාරණය කරන්නේ, වගකීම් සහගත ලෙස උත්සව සමය සැමරීම තුළින් අනතුරු රහිත ආරක්ෂිත අලුත් අවුරුද්දක් සහතික කර ගත හැකි බවයි. උත්සව ශ්‍රීයෙන් අවුරුදු සමය සමරන අතරතුර තමන්ගේ මෙන්ම අන් අයගේ ද ආරක්ෂාව පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ වැඩිදුරටත් ජනතාවට උපදෙස් ලබා දෙයි.














