අලුතින් විවාහ වූ යුවළක් සඳහා ණය මුදලක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව වාර්තා වෙයි.
මෙම ණය මුදල ලබා දෙන්නේ නිවසක් තනා ගැනීම උදෙසා බවයි නාගරික සංවර්ධන ,ඉදිකිරිම් හා නිවාස සංවර්ධන අමාත්‍යාංශයේ අමාත්‍යාංශ ලේකම් රංජිත් ආරියරත්න මහතා සඳහන් කර සිටියේ.
ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කර සිටියේ නිවාසයක් තනාගැනීම සඳහා ලබාදෙන මුදල පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් එය නියමු ව්‍යාපෘතියක් ලෙසට එම නිවාස යෝජනා ක්‍රමය ආරම්භ කරන බවත් ය.
එමෙන්ම රැකියාවක් නොමැති අයට එම නිවාස ණය ලබාදීමට නියමිත අතර රාජ්‍ය බැංකු මගින් අදාළ ණය මුදල ලබාදීමට නියමිතයි.
ලබාදෙන ණය මුදල ගෙවා දැමීමට හැකි අය තෝරාගෙන ණය මුදල ලබාදෙන බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.