නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සාමාන්‍ය පෙළ විෂයන් ගණන 07 දක්වා පහළ දමා තිබෙනවා.
ඉන් ප්‍රධාන විෂයයන් 5ක් අනිවාර්යයෙන් අධ්‍යයනය කළ යුතු අතර එම විෂයයන් වන්නේ ගණිතය, ඉංග්‍රීසි, මව්බස, ආගම සහ විද්‍යාවයි.
ඊට අමතරව තවත් විෂයයන් දෙකක් තෝරා ගැනීමට අවස්ථාව හිමි වෙයි.
එම විෂයයන් කාණ්ඩ කිහිපයකට බෙදා තිබෙනවා.
ඒ අනුව, තාක්ෂණය, සෞන්දර්යය, කළමනාකරණය හා ව්‍යවසායකත්වය, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා, සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යයනය යන විෂය කාණ්ඩ යටතේ විෂයයන් රැසක් අතරින් දෙකක් තෝරාගත හැකි බවයි වාර්තා වන්නේ.