• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

අවසන් සටනට අවසන් අවස්ථාව අදයි

5 December 2024
in ක්‍රීඩා
අවසන් සටනට අවසන් අවස්ථාව අදයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

ලෝක ටෙස්ට් ශූරතාවයට අදාළ වන ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරයේ දෙවන සහ අවසන් ටෙස්ට් තරගය අද (5 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට දකුණු අප්‍රිකාවේ ශාන්ත ජෝර්ජ් ක්‍රීඩාංගණයේ ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ පළමු තරගයේ ජය සත්කාරකයන්ට හිමිවීම හේතුවෙන් තරගාවලි පරාජයෙන් බේරීමට මෙන්ම, ලෝක ටෙස්ට් ශූරතා අවසන් තරග බලාපොරොත්තු තබා ගැනීම වෙනුවෙන්ද ශ්‍රී ලංකාවට මෙම තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වේ.

අදින් ඇරැඹෙන තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු වුවහොත් ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සාමාන්‍යය 54.54ක අගයක් ගන්නා අතර දකුණු අප්‍රිකාවේ ප්‍රසාද ලකුණු සාමාන්‍යය 53.33ක් දක්වා පහත වැටෙනු ඇත. මේ අනුව මෙම තරගයේ ජය ශ්‍රී ලංකාව සතු වුවහොත් ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානය දක්වා උසස්වීමක් ලබාගැනීමටද ශ්‍රී ලංකාවට හැකි වනු ඇත. කෙසේ වෙතත් අද තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය වූවහොත් ප්‍රසාද ලකුණු සාමාන්‍යය 45.45 දක්වා පහතට ඇද වැටෙන අතර යම් හෙයකින් එසේ සිදු වූවහොත් ශ්‍රී ලංකාවේ ලෝක ටෙස්ට් ශූරතා බලාපොරොත්තු බිඳ වැටෙනු ඇත.

ශ්‍රී ලංකා ටෙස්ට් වංශ කතාවේ වැදගත්ම පරිච්ඡේදයක් ලියැවීම සඳහා අතිශයින්ම වැදගත් අදාළ දෙවන ටෙස්ට් තරගයට ප්‍රථම පැවැති මාධ්‍ය සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පාර්ශ්වය නියෝජනය කරමින් සහභාගී වූ පිතිකරණ පුහුණුකරු, අත්දැකීම් බහුල ශ්‍රී ලංකාව හොඳින් තරගයට අවතීර්ණ වනු ඇති බව සඳහන් කර තිබිණි. නිමා වූ එංගලන්ත තරග සංචාරයේ පළමු තරගයේදී ද ශ්‍රී ලංකාව පරාජයවූ නමුත් එහි තුන්වන තරගයේ ජයග්‍රහණයක් වාර්තා කිරීම හා සමාන තත්ත්වයක් මෙම දකුණු අප්‍රිකා තරග සංචාරයේදී බලාපොරොත්තු විය හැකි බව හෙතෙම අවධාරණය කළේය.

තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයට තරග කාල සීමාව තුළදී වර්ෂාවෙන් බාධාවක් එල්ල වීමට ඉඩ නොමැති බවට කාලගුණ අනාවැකි පළ වී ඇත. එමෙන්ම හොඳින් හිරු එළිය පතිත වන කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවත්, සෙල්සියස් අංශක 28ට ආසන්න උෂ්ණත්වයක් බලාපොරොත්තු විය හැකි බවත් වාර්තා වේ. මේ අනුව බොහෝවිට දිනයේ උදෑසන වරුවේ සහ සන්ධ්‍යා සමයේ වේග පන්දුවට වැඩි වාසියක් හිමිවීමට ඉඩ පවතින අතර මේ හේතුවෙන් දිනයේ පළමු සහ තෙවන කාර්තු තුළ ප්‍රතිවාදීන්ව පිතිකරණයට කැඳවීමට තරගය පුරාවටම කණ්ඩායම් දෙක උත්සුක වනු ඇත. මේ අනුව බොහෝවිට තරගයේ දෙවන කාර්තුව තුළ තරමක වැඩි ලකුණු ලබාගැනීමේ වේගයක් පවත්වා ගනු ඇතැයි අපේක්ෂා කළ හැක. මේ හේතුවෙන් තරගයේ කාසියේ වාසිය හිමි කරගන්නා නායකයා බොහෝවිට පළමුවෙන් පන්දුවට පහරදීමට උත්සුක වනු ඇත.

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස්කමක් සමගින් තරගයට පිවිසෙනු ඇතැයි අනුමාන කළ හැක. වේග පන්දු යවන්නන් තිදෙනෙකු යොදාගැනීම මෙන්ම අමතර පිතිකරුවකුගේ අවශ්‍යතාවය මත අද තරගයේදී විශ්ව ප්‍රනාන්දු විවේක ගන්වා මිලාන් රත්නායක කැඳවීමට වැඩි ඉඩක් ඇත.

ක්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂිත ශ්‍රී ලංකා කණ්ඩායම –

පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, දිනේශ් චන්දිමාල්, ඇන්ජෙලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, මිලාන් රත්නායක, ලහිරු කුමාර, අසිත ප්‍රනාන්දු, ප්‍රභාත් ජයසූරිය

Post Views: 14
Previous Post

විවාදය අතරතුර පාර්ලිමේන්තුවේ තුන්වැනි මහලේ සිදුවූ දේ

Next Post

කමිඳු ශ්‍රේණිගත කිරීම්වල හත්වන ස්ථානය දක්වා ඉදිරියට

Editor TTV News

Editor TTV News

Next Post
කමිඳු ශ්‍රේණිගත කිරීම්වල හත්වන ස්ථානය දක්වා ඉදිරියට

කමිඳු ශ්‍රේණිගත කිරීම්වල හත්වන ස්ථානය දක්වා ඉදිරියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved