විපක්ෂය මේ වන විට අසභ්‍යකරණයට ලක්ව ඇති අතර, ඔවුන්ව සභ්‍ය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජයට සිදුව ඇති බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා අද (03) පාර්ලිමේන්තුවේදී පැවසීය. විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඕනෑම කරුණක් ගැන කතා කිරීමේදී ඊට අසභ්‍ය කොටස් ඈඳා ගැනීමට උත්සාහ කරන බවත්, අධ්‍යාපනයේ අසභ්‍යකරණයක් ගැන කතා කිරීමට පෙර විපක්ෂය තමන්ගේ හැසිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
විදුලි සංදේශ යටිතල පහසුකම් හවුලේ භාවිත කිරීම සම්බන්ධයෙන් පැවැති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, මෙම ක්‍රමවේදය හරහා පරිසර හිතකාමී මෙන්ම අධික ප්‍රාග්ධන පිරිවැයක් ඉතිරි කර ගත හැකි ව්‍යාපෘති ක්‍රියාත්මක කළ හැකි බවයි. එමඟින් ලැබෙන මූල්‍ය වාසිය ජන සමාජයටම හිමිවන අතර, ක්ෂේත්‍රයේ පවතින ඒකාධිකාරයන් බිඳ දැමීමට මෙවැනි නියාමනයන් අත්‍යවශ්‍ය වන බව ද හෙතෙම අවධාරණය කළේය.














