උතුරු ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රාන්තයේ කඳුකර කලාපයක ඇතිවූ වැසි කුණාටුවක් සමඟ හටගත් හදිසි ජලගැලීමකින් පහත්බීම්වල පිහිටි නිවාස රැසක් විනාශ වි තිබෙන බවට ඉන්දීය මාධ්‍ය වාර්ථා සදහන් කර සිටිනවා.
උත්තරකාන්ද් ප්‍රාන්තයේ ධරාලි හි හිමාලයානු ගම්මානයේ ඉන්දිය මාධ්‍ය වීඩියෝවක සදහන් වුණේ ජලය, මඩ සහ සුන්බුන් බිත්තියක් කඳු බෑවුම් කඩා දමා ගම්මානය හරහා ගමන් කරමින් එහි ඇති නිවාස සහ ගොඩනැගිලි විනාශ වී යන අයුරුයි.
උත්තරකාෂි නගරයේ දිස්ත්‍රික් මහේස්ත්‍රාත් වන ප්‍රශාන්ත් ආර්යා පැවසුවේ මෙය ප්‍රාදේශීය වේලාවෙන් පස්වරු 1:45 ට පමණ ඇති වුණ බවයි.
අදාළ සිද්දියෙන් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් අතුරුදන් වි ඇති අතර සුන්බුන් අතර සිර වූවන් සෙවීමේ කටයුතු ද අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි ඔහු පවසා තිබුණේ.
අඛණ්ඩ වර්ෂාව හේතුවෙන් ජල මට්ටම ඉහළ යාම මධ්‍යයේ වුවද, ඉන් ගලවා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදු වෙන අතර , අතිරේක හමුදා ඒකක මෙන්ම ට්‍රැකර් සුනඛයින්, ඩ්‍රෝන යානා සහ පස් ඉවත් කිරීමේ උපකරණ යොදවා ඇති බව යි ඉන්දීය මාධ්‍ය අංශය සදහන් කරන්නේ.
මෙසේ ඊයේ (05) දින ධරාලි ගම්මානයට දැවැන්ත ජල ප්‍රහාරයක් ගලා ඒමෙන් අනතුරුව උත්තර්කාෂි දිස්ත්‍රික්කයේ ගමන් මාර්ග සහ ගොඩනැගිලි ජලයෙන් යට වී තිබෙනවා.
එසේම අධික වර්ෂාපතනය නිසා හානි වූ මාර්ග සහ දිස්ත්‍රික්ක වෙත නිලධාරීන්ට ළඟා වීමට නොහැකි වී තිබුණ බව සඳහන්.
කෙසේ වෙතත් ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව පැවසුවේ ඉදිරි දින කිහිපය තුළ ද කලාපයේ අධික වර්ෂාපතනයක් ඇති වනු ඇති බවයි.