• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අසාද් සාලිට රු. 75000ක වන්දියක් ගෙවිමට රජයට නියම කරයි

13 December 2024
in දේශීය
අසාද් සාලිට රු. 75000ක වන්දියක් ගෙවිමට රජයට නියම කරයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස් වලින් ජාතීන් අතර සංහිඳියාවට බාධා කළ බවට චෝදනා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා අත්අඩංගුවට ගැනීමෙන් ඔහුගේ  මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට රුපියල් 75,000/-ක වන්දියක් ගෙවීමට රජයට නියම කළේය.

පෙත්සම්කරු රඳවා ගැනීම සඳහා රැඳවුම් නියෝගය ලබා ගැනීමේදී වගඋත්තරකරුවන් ද්වේශ සහගත ආකාරයෙන් ක්‍රියා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදනයන්ට පටහැනි ලෙස ලබාගෙන ඇති බවත් පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීමට ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ රැඳවුම් නියෝගය ලබාගත් ආකාරය  සාධාරණීකරණය කිරීමට වග උත්තරකරුවන් අපොහොසත් වී ඇති බවත් තීරණය කරමින් විනිසුරු මඩුල්ලේ එලෙස නියම කළේය.

2021 වසරේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස් වලින් ජාතීන් අතර සංහිඳියාවට බාධා කළ බවට චෝදනා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි සඳහන් කරමින් අසාද් සාලි මහතා ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමින්  ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කරනු ලැබිණි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ගාමිණී අමරසේකර, මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු මහත්වරුන් විසින් මෙම පෙත්සම විභාග කෙරිණි.

අසාද් සාලි මහතා ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තරකරුවන්වශයෙන් එවකට මහජන ආරක්ෂක අමාත්‍ය වරයා වශයෙන්ස කටයුතු කළ සරත් වීරසේකර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට අධ්‍යක්‍ෂ නිශාන්ත සොයිසා සහ එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල මහත්වරු නම් කර තිබිණි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී තමන් පළකල අදහස් වලින් ජාතින් හා ආගම් අතර පවතින සංහිඳියාවට බාධාවක් සිදු කළේ යැයි කියමින් 2021 වසරේ මාර්තු මස 16 වැනිදා කොල්ලුපිටිය ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් තමන් අත්අඩංගුවට ගත් බව සඳහන් කරන පෙත්සම්කාර අසාද් සාලි මහතා  ඉන් අනතුරුව මාර්තු මස 19 වැනිදා තමන් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පොලිසිය රැඳවුම් නියෝග ලබාගෙන ඇතැයිද පෙත්සමේ සඳහන් කොට ඇත.

මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කඩා දැමීම, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර වැනි සිද්ධීන් පිළිබඳව විමර්ශන කළත් ඊට අදාලව තමන් සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් අනාවරණය කර ගැනීමට පොලිසිය අපොහොසත්  වූ බවත් සඳහන් කරන පෙත්සම්කරු ඉන් අනතුරුව ජාතීන් අතර සංහිඳියාව බිඳ හෙළීමට කටයුතු කළේ යැයි චෝදනා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයාකොළඹ මහාධිකරණයෙ අධි චෝදනා ගොනු කළ නමුත් නඩු විභාගය අවසානයේ දී සියලු චෝදනා වලින් තමන් නිදොස් කොට නිදහස් කළ බවත් සඳහන් කර ඇත.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් දෙන්නයි ඉල්ලා අසාත් සාලි මහතා මෙම පෙත්සම ගොනු කළේය.

දීර්ඝ විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කල ශ්‍රේෂ්ඨාධිකරනය පෙත්සම්කාර අසාද් සාලි මහතා කළ ප්‍රකාශවලින් ආගමික සංහිඳියාව උල්ලංඝනය වූ බවට පොලිසිය විසින් එල්ල කරන චෝදනා පිළිගත නොහැකි බව අධිකරණයේ මතය බව සඳහන් කළේය.

පෙත්සම්කරු රඳවා ගැනීම සඳහා රැඳවුම් නියෝගය ලබා ගැනීමේදී වගඋත්තරකරුවන් ද්වේශ සහගත ආකාරයෙන් ක්‍රියා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදනයන්ට පටහැනි ලෙස එය ලබාගෙන ඇති බවත් පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීමට ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ රැඳවුම් නියෝගය ලබාගත් ආකාරය  සාධාරණීකරණය කිරීමට වග උත්තරකරුවන් අපොහොසත් වූ බවත් තීන්දුවේ සඳහන් කළ විනිසුරු මඩුල්ල පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට තීන්දු කරමින් අදාළ වන්දිය නියම කළේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ කීර්ති තිලකරත්න මහතා සමග ජනාධිපති නීතිඥවරුන් වන මෛත්‍රි ගුණරත්න සහ ෆයිසර් මුස්තාෆා යන මහත්වරු පෙනී සිටියහ.

වගඋත්තරකරුවන් වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දිලිප පීරිස් මහතා පෙනී සිටියේය.

Post Views: 15
Previous Post

වී කිලෝවක මිලත් ඉහළ දමන්නැයි ඉල්ලයි

Next Post

උතුරේ 7ක් බිලිගත් හඳුනා නොගත් රෝගය මී උණ බවට තහවුරුයි

Editor TTV News

Editor TTV News

Next Post
උතුරේ 7ක් බිලිගත් හඳුනා නොගත් රෝගය මී උණ බවට තහවුරුයි

උතුරේ 7ක් බිලිගත් හඳුනා නොගත් රෝගය මී උණ බවට තහවුරුයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved