ගතවූ දින 10ක කාලය තුළ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 31ක් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
මේ අතර පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවත් පුද්ගලයන් 14 දෙනෙකු අතුරුදන් වී ඇති බවත් එම මධ්‍යස්ථානය විසින් සදහන් කර සිටිනවා.
පවතින ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 17ක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය 79ක් බලපෑමට ලක්ව තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පවුල් 1,158කට අයත් පුද්ගලයින් 4,008ක් ආපදාවට ලක්ව ඇති බවයි.
කෙසේ වෙතත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු අගවමින් දන්වා තිබෙන්නේ පවතින කාලගුණ තත්වය හේතුවෙන් ඉතා අවදානයෙන් හා සූදානමින් සිටින ලෙසයි













