2025 (2026) වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සහ ඒවායේ සංශෝධන සිදු කිරීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළේ, ලබන පෙබරවාරි 10 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා ප්‍රවේශ පත්‍ර භාගත කිරීමට හෝ ඒවායේ අවශ්‍ය සංශෝධන සිදු කිරීමට අයදුම්කරුවන්ට අවස්ථාව පවතින බවත් එම කාලසීමාව කිසිසේත්ම දීර්ඝ නොකරන බවත්ය.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය පෙබරවාරි 17 වැනිදා සිට 26 වැනිදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 3,545 කදී පැවැත්වීමට නියමිත අතර, පෞද්ගලික අයදුම්කරුවන්ට www.doenets.lk වෙබ් අඩවිය හරහා සිය සංශෝධන සිදු කරගත හැකිය. පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර දැනටමත් කලාප අධ්‍යාපන කාර්යාල හරහා අදාළ විදුහල්පතිවරුන් වෙත නිකුත් කර ඇති අතර පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර තැපැල් මගින් නිවෙස් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.













