ආණ්ඩුවට දීර්ඝ ගමනක් නොමැති බව පොදුජන එක්සත් පෙරමුණ නායක අනුර ප්‍රියදර්ශන යාපා පවසා තිබෙනවා.
ඔහු මෙම අදහස් පළ කළේ ”බොරුව නවතනු! පොරොන්දු ඉටු කරනු!!” යන මැයෙන් ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රීලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (මැයි 1) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින සමරුවේ දීයි.
මේ ආණ්ඩුව නිර්මාණාත්මක ආර්ථික වැඩ පිළිවෙලක් නොමැති බවත් , ඒ බැවින් ජනතාව වෙනුවෙන් කිසිවක් ම කළ නොහැකි බවයි පොදුජන එක්සත් පෙරමුණ නායක අනුර ප්‍රියදර්ශන යාපා අදහස් පල කර සිටියේ.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර ප්‍රියදර්ශන යාපා,
අද ජනතාවට බොහෝ දේවල් කප්පාදු කර ඇති බවත්, මැතිවරණය අවසන් වූ වහා ම විදුලි බිල වැඩි කර ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කරන්නට රජය සුදානම් වන බවත් එබඳු ආණ්ඩුව පලවා හරින්නට සියලු දෙනා ම ඒකමුතු වී කටයුතු කරමු
යැයි ද ඔහු පැවසී ය.