• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආණ්ඩුව අධ්‍යාපනය විකිණීමේ කුමන්ත්‍රණයක් කරන බව පුබුදු ජයගොඩ

21 August 2019
in දේශීය
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා විෂය ප්‍රශ්න පත්‍රය විසින් ඇතිකළ අසාධාරණයත් තත්ව සහතික කිරීමේ හා ප්‍රතීතන පනත හරහා පෞද්ගලික විශ්ව විද්‍යාල නීතිගත කිරීමේ උත්සාහයත් ආණ්ඩුවේ අධ්‍යාපන පෞද්ගලිකරණ කුමන්ත්‍රණයේ පියවර බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ (20) බත්තරමුල්ල පෙ.ස.ප. ප්‍රදාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ උසස් අධ්‍යාපන ප්‍රමිතිය සහතික කිරීමේ මුවාවෙන් වත්මන් ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට නියමිත තත්ව සහතික කිරීමේ හා ප්‍රතීතන පනත (QAAC) නීතියක් බවට පත්වුවහොත් මේ රටේ නිදහස් අධ්‍යාපන අයිතිය අහෝසි කරමින් මුදල් ඇති අයට පමණක් උසස් අධ්‍යාපනය හිමිකර ගැනීමේ අවස්ථාව විවර වන බවයි. පසුගිය උසස් පෙළ විභාගයේදි ජීව විද්‍යා විෂයට අයත් ප්‍රශ්න පත්‍රය තුළ ශිෂ්‍යයන්ට විශාල අසාධාරණයක් සිදුකරනු ලැබු බව හෙතෙම පැවසිය.

එහිදී පුබුදු ජයගොඩ මහතා මෙසේ වැඩිදුරටත් අදහස් පල කර සිටියේය “මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටියේ 2011 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන්. ඔවුන්ට අදාළව විෂය නිර්දේශ සකස් කිරීමේ සිට ගුරු අත්පොත් සකස් කිරීම, විභාග ප්‍රශ්න සකස්කිරීම දක්වාම ආණ්ඩුව විශාල වැරදි ප්‍රමාණයක් සිදුකර තිබෙනවා. විෂය ක්ෂේත්‍රයට ඒකක 10ක් තිබෙන නමුත් මේ වසරේ ජනවාරි මාසයවනවිත් විෂය නිර්දේශය ලබා දී තිබුනේ එක ඒකකයක් සඳහා පමණයි. ඉන්පසුව මැයි, ජූනි ජූලි මාස විෂය නිර්දේශයේ කොටස් පාසල්වලට නිකුත් කරනු ලැබුවා විභාගයට සතියකට කලින් ඒකකක දෙකක් පමණ පාසල්වලට එවීම සිදු කරනු ලැබුවා. විෂය නිර්දේශ, ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය නැතිව, ලකුණු දැමීමේ ක්‍රමවේද නැතිව උසස් පෙළ ජීව විද්‍යා අංශයේ සිසුන්ට අධ්‍යාපනය ලබන්න, විභාගයට ලියන්න සිදුවුණා. ඒ නිසාම මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් ලක්ෂ ගණනකට ආණ්ඩුවෙන් දැඩි අසාධාරණයක් සිදුකළා. ප්‍රශ්න පත්‍ර සූදානම් කිරීමේදී ඇතිව තිබෙන ගැටලුවල බරපතළකම හා ආණ්ඩුවට එහි ඇති වගකීම සම්බන්ධව ගත්තත් සිසුන්ගෙ පැත්තෙන් අසාධාරණයක් සිදුව තිබෙනවා. සමහර බහුවරණ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු දෙකක් තිබුණා, සමහර ප්‍රශ්නවලට පිළිතුරක් නෑ. සමහර රූපසටහන්, ප්‍රස්තාරවල ගැටලු නිසාත් පිළිතුරු ලිවීමෙදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පීඩාවකට ගොදුරුකර තිබෙනවා. තවත් ප්‍රශ්නවල සිසුන්ට උගන්වන විෂය කරුණු, නිශ්චිත යෙදුම් වෙනුවට වෙනත් වචන සම්බන්ධ ප්‍රශ්න විමසා තිබුණා. බහුවරණ ප්‍රශ්න 50න් ප්‍රශ්න 8ක් පමණ ගැටලු සහගතයි.

මේ වගේම මෙවර භෞතික විද්‍යා බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමට ප්‍රමාණවත් කාලයක් ලබා දී නෑ. මේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න උත්සාහ කළ භෞතික විද්‍යා ගුරුවරයකුටත් පැය තුනක කාලයක් ගතවී තිබුණා. විභාග දෙපාර්තමේන්තුවෙන් මේ ප්‍රශ්න පත්‍රයේ නියැදි පරීක්ෂණ කරලා නෑ. ඒ වගේම භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ සංකීර්ණ ගණිතයෙදි එන ශ්‍රිත ආශ්‍රිත ප්‍රශ්නයක් ඇතුළත්ව තිබුණා. ගණිත විෂය ඉගෙන ගන්න ශිෂ්‍යයන්වත් භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයකින් ඒ වගේ ප්‍රශ්න අපේක්ෂා කරන්නෙ නෑ. මේ සැරේ උසස් පෙළ විභාගයේ සිංහල ප්‍රශ්න පත්‍රය පවා ගැටලු සහිතයි. පෞද්ගලික ව්‍යාපාරිකයන්ට සාහිත්‍ය කෘති මුද්‍රණය කරද්දි වෙන වැරදි නිසා දරුවන්ට ප්‍රහ්න පත්‍රෙයදි ගැටලුවලට මුහුණ දෙන්න වෙලා. ඒ වගේම මේ සැරේ තර්ක ශාස්ත්‍රය විෂය ප්‍රශ්න පත්‍රයෙදිත් අපේක්ෂා නොකළ ආකාරයේ ප්‍රශ්න ඇතුළත්.

මේ උසස් පෙළ විභාගයට අයිති විෂය නිර්දේශය අලුත් කරන බව තීරණය කළේ 2015දි. නව විෂය නිර්දේශයෙන් ඉගෙන ගන්න දරුවන් පන්තිවලට ආවෙත් 2017දි. ඒ අවුරුදු දෙකේ ආණ්ඩුව පොල් ගෑවා. ඉන්පස්සෙ ඒ සිසු සිසුවියන් මේ අවුරුද්දෙ උසස් පෙළ විභාගයට මුහුණ දෙනතුරුත් තව අවුරුදු දෙකක්. ඒ අවුරුදු දෙකෙත් ආණ්ඩුව පොල් ගෑවා. අවුරුදු 4ක් මේ තරම් කාලයක් තියෙද්දි අධ්‍යාපන ඇමිතවරයා මොකද කළේ. මේ වගේ විභාගයක් පවත්වන්න වගකීමක් නැති ඇමතිවරයෙක්, මේ අධ්‍යාපනය විකුණන්න උත්සාහ කරන ආණ්ඩුවේ අරමුණ සමග සමපාත වෙනවා.

මේ ආණ්ඩුව උසස් පෙළ විභාගය විනාශ කිරීමේ සහ එයින් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර උසස් පෙළ විභාගයට ඇති විශ්වාසය බිඳ දැමීමටත් ජාතික හා ජාත්‍යන්තර මට්ටමෙන් උසස් පෙළ විභාගය පිළිබඳ පිළිගැනීම අහෝසි කිරීමටත් ආණ්ඩුවට අවශ්‍ය වෙලා තියෙනවා. විභාග ප්‍රශ්න පත්‍රය ගැටලුවක් බවට පත්වී සති දෙකක් ගියත් මේ වනවිට උසස් පෙළ විභාගයට අදාළ ගැටලු සම්බන්ධව කරන ලද ප්‍රශ්න කිරීම් කිසිවක් ආණ්ඩුව වගකීම භාරගෙන නෑ. අධ්‍යාපනයෙ ගැටලුවලට විසඳුම් දෙන්න කිව්වම ඇමතිවරයා කියන්නෙ අපි අධ්‍යාපනය වෙනුවෙන් විශාල වැඩකොටසක් කරනවා, අපි ළමයින්ට කිරි පැකට් දෙනවා කියලා. එහෙම කියමින් මේ නිශ්චිත අධ්‍යාපන ගැටලුවලින් බේරෙන්න උත්සාහ කරන්නෙ මේක ආණ්ඩුවේ සැලැස්මකට අනුව අධ්‍යාපනය පෞද්ගලිකකරණයට අධ්‍යාපන අයිතින් අහෝසිකරමින් වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීමේ උත්සාහයේ කුමන්ත්‍රණකාරී පියවරක් නිසා.

මේ වනවිට එහි තවත් පියවරක් ලෙස තත්ව සහතික කිරීමේ හා ප්‍රතීතන පනත පාර්ලිමේන්තුවට ගෙන එන්නටත් එය නීතියක් බවට පත්කරමින් උසස් අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමේ නීතිමය ප්‍රතිපාදන සැපිරීමේ පියවරට ආණ්ඩුව සූදානම්ව සිටිනවා. මේ පනත මගින් නීතිගත කරන්න යන්නෙ පෞද්ගලික අධ්‍යාපන ආයතන මගින් පිරිනමන පාඨමාලා උපාධි පාඨමාලා බවට පිළිගැනීමේ කොන්දේසි සම්පූර්ණ කිරීමයි. මේ දක්වා මේ රටේ විවිධ අධයාපන කඩ විවෘත කරමින් තිබෙන නමුත් ශිෂ්‍ය ව්‍යාපාරයේ මැදිහත්වීම නිසා උසස් අධ්‍යාපනය සම්බන්ධ යම් ප්‍රමිතියක් පවත්වාගෙන යමින් පෞද්ගලික ආයතනවලින් ලබා දෙන පාඨමාලා උපාධි පාඨමාලා බවට පත්කිරීමේ හැකියාව ලැබී නෑ. විශේෂයෙන් සයිටම් ආයතනයේ වෛද්‍ය විද්‍යා පාඨමාලාව සම්බන්ධව ශිෂ්‍ය ව්‍යාපාරය ගෙන ගිය අරගලය නිවැරදි බව සනාථ වුණේ වෛද්‍ය වෘත්තිකයන් විසින් එය පිළිගත් පාඨමාලාවක් ලෙස බාරගන්න සූදානම් නෙවාණු නිසා. ලංකාවෙදි වෛද්‍ය උපාධිය සම්බන්ධ ප්‍රමිතිය තීරණය කරන ශ්‍රි ලංකා වෛද්‍ය සභාව සයිටම් ආයතනයෙ පාඨමාලාව පිළිගත නොහැකි බව ප්‍රකාශ කළා. වෙනත් රටවල විශේෂයෙන් එංගලන්තයේ හා ඕස්ටේ්‍රලියාවෙ වෛද්‍ය සභා සයිටම් වෛද්‍ය පාඨමාලාව උපාධි පාඨමාලාවක් ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කළා. නමුත් ආණ්ඩුව සූදානම් වෙන්නෙ මේ නව පනත හරහා එවැනි පෞද්ගලික පාඨමාලාවලින් දෙන සහතික උපාධි සහතික දක්වා ගෙන යාමේ පියවර තබන්න. ඒ නිසා උසස් පෙළ විභාගයේ තත්වය බාල්දුකරන්න, ඒ විභාගයට ශිෂ්‍යයන්, මවුපියන් හා ජනතාව අතර ඇති පිළිගැනීමත් ඒ විතරක් නෙවෙයි ජාත්‍යන්තර පිළිගැනීමත් බිඳ දාන්න අවශ්‍යයි. මෙවර උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රවල ගැටලුවෙන් ඒ අරමුණ ඉටුකර තිබෙනවා.

මේ වනවිට මේ රටේ පාර්ලිමේන්තුවට ඒ සඳහා වූ පනත තත්ව සහතික කිරීමේ හා ප්‍රතීතන පනත, QAAC ගෙනයන්න සූදානම්. මේ පනත හැදුවෙ පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ නියෝජනය කරන තේරීම් කාරක සභාවකින්. ඒ කාරක සබාවෙ පොදුජන පෙරමුණේ, නිදහස් පක්ෂයේ, එක්සත් ජාතික පක්සයේ, ජනතා විමුක්ති පෙරමුණේ සහ අනෙක් පක්ෂවල අයත් හිටියා. ඒ නිසා මේ විනාශකාරී පනතේ නිර්මාතෘවරු තමයි මේ පාර්ලිමේන්තුවෙ ඉන්නෙ. පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන් විසින් ඒ පනත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් දක්වලා නෑ. මේ පනත පාර්ලිමේන්තුවට සභාගත වෙනවා කියන්නෙ දේශපාලන පක්ෂ නායකයන් විසින් එයට විරෝධය පළ කරලා නැති බවයි.

ඒ නිසා මේ වනවිට ජනාධිපතිවරණය දිහා බලාගෙන දේශපාලන බල පොරයක යෙදී සිටින මේ දේශපාලන පක්ෂවලින් ජනතාවට කිසිදු යහපතක් සිදුනොවන බව තවදුරටත් පැහැදිලියි. අදවනවිට ජනතාවට මුහුණ දෙන්න සිදුවෙලා තියෙන අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්න, කම්කරු අයිතිවාසිකම් කප්පාදු කිරීමට ගෙන එන කම්කරු ධවල පත්‍රිකාවේ ප්‍රශ්නය, කම්කරු හා සේවා කොන්ත්‍රාත් පනත ගැන පාර්ලිමේන්තුවෙ කවුරුත් කතා කරන්නෙ නෑ. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ව්‍යාපෘතියට ආණ්ඩුව සූදානම් වෙද්දි ඉන්දියාවෙ, අමෙරිකාවෙ, ජපානයෙ සමාගම් මේ රටේ ජනතාවගෙ ඉඩම් කොල්ල කන්න සූදානම් වෙනවා, පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රිවරයෙක්, කිසිදු පක්ෂයක් ඒ ගැන කතා කරන්නෙ නෑ. වරාය නගරයට චීන හමුදාව ඒන්න සූදානම් වෙද්දි චීන හමුදාවෙ දැන්වීම් පුවත්පත් පිටු පුරා පළවෙනවා, කවුරුවත් ප්‍රශ්න කරන්නෙ නෑ. කම්කරුවන්ට, රාජ්‍ය සහ පෞද්ගලික සේවකයන්ට, ශිෂ්‍යයන්ට, ධීවර ජනතාවට මුහුණ දෙන්න සිදුවන ගැටලු වැනි කිසිවක් සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලෙස පාර්ලිමේන්තුවේ ඉන්න අය මැදිහත් වෙන්නෙ නෑ. ඒ ඇයි? දැන් ජනාධිපතිවරණයෙදි අපේක්ෂකයා තෝරණ සුපිරි තරු වැඩසටහනක ඔවුන් සියලු දෙනා ඉන්නවා. ඔවුන් සියලුම දෙනා තවමත් ප්‍රකාශයට පත්කර නැති ජනාධිපතිවරණයෙදි තමන්ගෙ රේස් අශ්වයා දුවවන්න තමයි මේ වනවිට දතකට මැදගෙන ඉන්නෙ. ඒ නිසා ඔවුන් නියෝජනය කරනවා කියන ජනතාවගේ ප්‍රශ්න සියල්ලම තවදුරටත් ජනතාව පීඩාවට පත්කරමින් වර්ධනය වෙනවා. මහජන නියෝජිතයන්ය කියලා පත්කරපු 225 දෙනාම රේස් අශ්වයන් වෙලා ජනතාවගේ ගැටලු ජනාධිපතිවරණයට යටකරමින් ඉන්නවා. මේ අතරෙ QAAC නත පාර්ලිමේන්තුවෙ ගෙනාවොත් ඒ සියලු දේශපාලන පක්ෂ ඊට වගකියන්න ඕන. ජනාධිපතිවරණය ගැන ලොකු කතා කියන ඒ අය මේ නිශ්චිත ප්‍රහ්නයෙදි මොකද කරන්නෙ කියලා අපි අහනවා. නිදහස් අධ්‍යාපනය ගැන ලොකු කතා කියන අය මේ ප්‍රශ්නයෙ වගකීම භාරගන්න ඕන.

ඒ අතරම ආණ්ඩුව අධ්‍යාපනය විකිණීමේ අරමුණ අනුව උසස් අධ්‍යාපනය පිළිබඳ වගකීමෙන් බැහැර වෙමින් තිබෙනවා. ඒ අනුව තමයි උසස් පෙළ සමත් නැති පිරිසකට වෛද්‍යවරු ලෙස පිළිගැනීම ලබාදෙන්න අධිකරණ නියෝග නිකුත් වෙන්නෙ. සාමාන්‍ය පෙළ විභාගය සමතුන්ටත් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට දොරටු විවර කරනවා කියමින් පෞද්ගලික උපාධි කඩවලට පාරකපන්න සැරසෙනවා. ඒ සදහා උසස් පෙළ විභාගය හෑල්ලු කරන්න, එහි ප්‍රමිතිය බිඳ දමන්න ආණ්ඩුව මේ සැරේ විභාගයෙදි කටයුතු කර තිබෙනවා. මේ රටේ උසස් පෙළ විභාගයට පෙනී සිටින පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරින් 62.6%ක් විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබුවත් ඇතුළත් කරගන්නෙ 16%ක් පමණයි. ඒ සුදුසුකම් ලබා සමත්වන සියලු දෙනාට විහ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න ප්‍රතිපාදන වෙන්කරලා පහසුකම් සලසන්නෙ නෑ. එම ප්‍රමාණයත් කප්පාදුකරමින් පෞද්ගලික උපාධි ආයතන පිහිටුවන්නට ඒවා නීතිගත කරන්නට ආණ්ඩුවේ සැලැස්ම QAAC පනතින් අනාවරණය වෙනවා. උසස් අධ්‍යාපනයට වැයකරන ප්‍රතිපාදන වෙනුවට පෞද්ගලික උපාධි කඩවලින් මුදලට උපාධි ගන්න තැනට අපේ රටේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පත්කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. ව්‍යාපාරික පැළැන්තියක ලාභ අරමුණු වෙනුවෙන් සමස්ත ශිෂ්‍ය ප්‍රජාවම ණයකාරයන් කරන ණය යෝජනා ක්‍රම හඳුන්වා දෙමින් තිබෙනවා. ඒ අතරම අධ්‍යාපනයට ප්‍රතිපාදන වෙන්නොකිරීම නිසා පාසල් පද්ධතිය කඩා වැටෙමින් තියෙනවා. ගුරුවරු, විදුහල්පතිවරු, අධ්‍යාපන සේවකයන් වැටුප් ඉල්ලලා, අයිතිවාස්කම් කප්පාදුවට, විශ්‍රාම වැටුප් කප්පාදුවට එරෙහිව සටන් කරද්දි ආණ්ඩුව ප්‍රතිපාදන වෙන්කරන්නෙ නෑ. අපි දන්නවා, අධ්‍යාපනය විකිණීමේ සැලසුම් ඉදිරියට ගෙන යන මේ ආණ්ඩුව බලය ඉල්ලන කාලෙ දළ ජාතික නිෂ්පාදනයෙන් අධ්‍යාපනයට 6%ක් වෙන්කරන බවට පොරොන්දු දුන්නා. 1978දි ඒ වෙනුවෙන් 4%ක් වෙන්කරපු රට ලංකාව. ඒත් පසුගිය අවුරුද්දෙදි 2%ක්වත් වෙන්කළේ නෑ. ඒ වුණාට නිදහස් අධ්‍යාපනයක් ලබා දෙන බවට ආණ්ඩුව පුරසාරම් කියනවා. අසල්වැසි මාලදිවයින අධ්‍යාපනයට 8.5%ක් වෙන්කරද්දි, ඉන්දියාව 2.8% වෙන්කරනවා. බංග්ලාදේශය, පාකිස්ථානය, නේපාලය වැනි රටවල් පවා ලංකාවට වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් අධ්‍යාපනයට වෙන්කරනවා. ඉතියෝපියාව වැනි රටක් පවා 9%ක් වෙන්කරනවා. නමුත් වත්මන් ආණ්ඩුව උථ්සාහ කරන්නෙ අධ්‍යාපනය පෞද්ගලික සමාගම්වලට වෙළඳ භාණ්ඩයක් බවට පත්කර දී අතපිහදා ගන්න.

ඒ නිසා මේ වනවිට ශිෂ්‍ය ව්‍යාපාරය විසින් QAAC පනතට විර්ද්ධව අරගලයකට සූදානම් වෙමින් සිටිනවා. දේශපාලන පක්ෂවල සහයෝගය ඔවුන් ඉල්ලා සිටිනවා. අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය අධ්‍යාපන අයිතින් මේ රටේ සාමාන්‍ය ජනයාගේ අයිතියක්, පීඩාවට පත්වූ ජනතාවගේ ජීවිතයෙ අපේක්ෂා අතර අවම දෙයක් ලෙස පවතින නිදහස් අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීමට පෙනී සිටිනවා, ශිෂ්‍යයන්, මවුපියන්, ආචාර්යවරුන්, කම්කරු බලවේග ඇතුලු සියලු ශක්තිය ඒකරාශි කරමින් ආණ්ඩුවේ මේ දුෂ්ට කුමන්ත්‍රණයට එරෙහිව අරගලයක් ආරම්භ කරනවා. වගකිවයුතු බලධාරින් මේ විභාගයෙදි සිදුව ඇති දේ සම්බන්ධයෙන් වගකිව යුතු අයට විරුද්ධව ක්‍රියා මාර්ග ගතයුතුයි කියලා අපි බලකරනවා. නමුත් මේ එලිදරව් වෙන්නෙ ආණ්ඩුවේ අධ්‍යාපන පෞද්ගලිකකරණ ක්‍රියාදාමය ඉදිරියට ගෙනයාම බව ඉතාම පැහැදිලියි. මෙවර උසස් පෙළ විභාගයේදි පෙන්නුම්කරන මේ කුමන්ත්‍රණය පාර්ලිමේන්තුවෙදිත් ක්‍රියාත්මක වෙනවා. පාර්ලිමේන්තුවේදි එය පරාජය කරන්න පුලුවන් විපක්ෂයක් නැති බව අපි දන්නවා, ඒ නිසා මේ කුමන්ත්‍රණකාරි ක්‍රියාදාමය පරාජය කරන්න උපරිම ක්‍රියාමාර්ග ගන්නට අපි සූදානම්. ඒ වෙනුවෙන් ඒකරාහි වෙන්න කියලා මේ රටේ කම්කරුවන්, ධිවරයන්, විද්වතුන්, කලාකරුවන්, ප්‍රගතිශීලී බලවේග සියල්ලටම ආරාධනා කරනවා” යැයි පුබුදු ජයගොඩ මහතා කියා සිටියේය.

 

Post Views: 39
Previous Post

නව යුධ හමුදාපති පත් කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක්

Next Post

ශ‍්‍රී ලංකාව එක නීති පද්ධතියක් යටතට ගත යුතුයි – ඇමති චම්පික රණවක

editor

editor

Next Post

ශ‍්‍රී ලංකාව එක නීති පද්ධතියක් යටතට ගත යුතුයි - ඇමති චම්පික රණවක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved