• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආණ්ඩුව පත්වී දින 100කින් අසාර්ථකම ආණ්ඩුව වෙලා

3 January 2025
in දේශීය
ආණ්ඩුව පත්වී දින 100කින් අසාර්ථකම ආණ්ඩුව වෙලා
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

වත්මන් ආණ්ඩුවට සහ ජනාධිපතිවරයා බලයට පත්ව දින 100ක් සම්පූර්ණ කර ඇති බවත්, එම දින 100 තුළ අසාර්ථකම රජය ලෙස ජනතාව මෙම රජය දැකීමට පටන් ගෙන ඇති බවත්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ අද (02දා) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

“මේ වන විට ආණ්ඩුව, ජනාධිපතිවරයා දින 100ක් සම්පූර්ණ කරලා තියෙනවා. දින 100ක් ඇතුළත අසාර්ථකම රජය හැටියට මේ රජය අද ජනතාව දකින්න පටන් අරන් තිබෙනවා. එක පැත්තකින් 24 පැයෙන්, එක පෑන් පහරින් කඩිනමින් ජනතාවට සහන දෙන හැටි තමයි මැතිවරණ වේදිකාවල දිගින් දිගටම පැවසුවේ. ජනතාව පිට පටවා තිබෙන අසාධාරණ බදු ඉවත් කරන හැටි දිගටම කතා කළා. තෙල් මිල අසීමිතව අඩු කරන හැටි විස්තරාත්මකව පැහැදිලි කරමින් කතා කළා.

අසාධාරණ බදු, ඒ වගේම ගසාකන කොමිස් නැති කරලා තෙල් අඩුවට දෙන හැටි ජනතාවට මවලා පෙන්නුවා. විදුලි බිල අඩු කරන හැටි ජනාධිපතිතුමත්, ඇමතිවරුත් ගණන් හදලා මේ ප්‍රමාණයේ මිල මේ ප්‍රමාණයට අඩු කරනවා කියලා ජනතාවට පැහැදිලි කරලා කිව්වා. මේ සියල්ලම දින 100කින් කරන හැටි තමයි මැතිවරණ වේදිකාවල කිව්වේ. ආපු ගමන් කරන හැටි තමයි කිව්වේ. නමුත් දින 10ක් ගතවෙලත් තුනෙන් දෙකකට එහා ගිය බලයක් තිබිලත් මේ ආණ්ඩුව ඒ වැඩකටයුතු කරන්න අපොහොසත් වෙලා තිබෙනවා.

අපි ආණ්ඩුවට මතක් කර දෙන්න කැමතියි තුනෙන් දෙකක බහුතරයක් නැතිවත් සුළුතර රජයක් ලෙස තිබුණු යහපාලන ආණ්ඩුව දින 100ක් ඇතුළත කොතරම් වැඩකොටසක් ජනතාවට දැනෙන ආකාරයට කළාද කියලා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් රුපියල් 10,000කින් වැඩි කරන්න යහපාලන ආණ්ඩුවට දින 100ක් ඇතුළත පුළුවන් වුණා. තෙල් මිල අඩු කරනවා කියන පොරොන්දුව ඉෂ්ට කරලා පෙන්වන්න දින 100ක් ඇතුළත යහපාලන ආණ්ඩුවට පුළුවන් වුණා.

විදුලි බිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරලා සහන දෙන්න පුළුවන්කම ලැබුණා. අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ රැසක මිල අඩු කරලා ජනතාවට සහන දෙන්න යහපාලන ආණ්ඩුවට පුළුවන්කම තිබුණා. ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කරලා පාර්ලිමේන්තුවට බලය දෙන පනත් සම්මත කර ගන්න දින 100ක් ඇතුළත සුළුතර ආණ්ඩුවක් හැටියට හැකියාව ලැබුණා. තොරතුරු දැනගැනීමේ පනත වැනි පනත් සාර්ථකව ආරම්භ කර ගන්න පුළුවන්කම ලැබුණා. ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කරන්න පියවර රැසක් ගන්නට දින 100ක් වැනි කාලයක් තුළ සුළුතර ආණ්ඩුවක් ලෙස යහපාලන රජය ක්‍රියා කරලා පෙන්නුවා.”

Post Views: 18
Previous Post

කොටස් වෙළඳපොළේ දැවැන්ත වර්ධනයක් – ඒකක 16000 පන්නයි – පිරිවැටුම රු.බි. 10යි

Next Post

පාස්පෝට් යළි අර්බුදයක

Editor TTV News

Editor TTV News

Next Post
පාස්පෝට් යළි අර්බුදයක

පාස්පෝට් යළි අර්බුදයක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved