පිලිපීනයේ පැවති ” මිස් ටුවරිසම් යුනිවර්ස් – 2025 ” තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ආදිත්‍යා වැලිවත්ත , එහිදී ” ජාත්‍යන්තර සංචාරක රූ රැජින ලෙස කිරුළ දිනා ගෙන අද (11) දින අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.
මෙම තරගාවලිය ලෝකයේ රටවල් 17 ක රූ රැජිනියන් 17 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පසුගිය 30 වනදා සිට 08 වනදා දක්වා පිලිපීනයේ මැනිලා නුවර දී පැවැත්වුණා.
ආදිත්‍යා වැලිවත්ත මෙම ජයග්‍රහණයට අමතරව මෙම තරගාවලියේ හොදම ජාතික ඇදුම ( Best National Costume ) සහ Most Beautiful Photogenic යන සම්මාන ද්විත්වය ද දිනා ගැනීමට සමත් වුණා.
ආදිත්‍යා වැලිවත්ත ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා ප්‍රකට ගායිකාවක් .
ඇය අද (11) අලුයම 12.20 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
ඇය පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් , ඇයගේ මව , සහෝදරයා , මෙම තරගාවලියේ ජාතික අධ්‍යක්ෂ මෙන්ම ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.
-itnnews.lk