දඹානට එන සංචාරකයින් රවටන ‘මඟ පෙන්වන්නන්ගේ’ ඇත්ත කතාව මෙන්න
ආදිවාසී සංස්කෘතිය විකුණාගෙන කමින්, දඹානට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් රවටා මුදල් මංකොල්ලකන සංවිධානාත්මක පිරිසක් පිළිබඳව ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් අද (10) විශේෂ අනතුරු ඇඟවීමක් සිදු කළේය.
නායකතුමා අනාවරණය කළ කරුණු:
බලහත්කාරයෙන් වාහනවලට නැගීම: මාවරගල සහ දඹාන හන්දියේදී මඟ පෙන්වන්නන් ලෙස පෙනී සිටිමින් බලහත්කාරයෙන් වාහනවලට නැග සංචාරකයින් බිය වැද්දීම.
සීනි කළවම් කළ මී පැණි: සැබෑ මී පැණි යැයි පවසමින් සීනි කළවම් කළ ව්‍යාජ මී පැණි අධික මිලට විකිණීම.
ව්‍යාජ නෑදෑයින්: නායකතුමාගේ සහෝදරයා යැයි පවසමින් වෙනත් පුද්ගලයන් පෙන්වා මුදල් ලබා ගැනීම.
කෞතුකාගාරය පිළිබඳ බොරු ප්‍රචාර: රජයේ කෞතුකාගාරය නැරඹීමට විශාල මුදලක් අය කරන බව පවසමින් සංචාරකයින් නොමඟ යැවීම. (නමුත් සැබෑ ගාස්තුව වැඩිහිටියෙකුට රු. 50ක් සහ දරුවෙකුට රු. 20ක් පමණි).
“අද පාර හොයාගන්න තාක්ෂණය තියෙනවා. කාටවත් රැවටෙන්න එපා. සංවරව ගමට එන ඕනෑම කෙනෙකුට අපේ සංස්කෘතිය දැකබලා ගන්න අවස්ථාව තියෙනවා,” යැයි නායකතුමා වැඩිදුරටත් සඳහන් කළේය.














