ආනයනය කරන ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා මාස 6 ක් වැනි කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි විශේෂ වෙළඳ භාණ්ඩ බදු ඉහළ දමා ඇත.
ඒ අනුව මයිසුර් පරිප්පු කිලෝවක් සඳහා රු. 5-10ත් අතර, සැමන් කිලෝවක් සඳහා රු.100ක්, ඇපල් කිලෝවක් සඳහා රු. 100, මිදී කිලෝවක් සඳහා රු.125ක්, රට ඉඳි කිලෝවක් සඳහා රු.100ක් මිරිස් කුඩු කිලෝවක් සඳහා රු.100ක් ලෙස මෙම බදු පනවා ඇත.
එසේම අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා රු. 50ක්, රතු ළුණු සහ සුදු ළුණු කිලෝග්‍රෑමයක් සඳහා රු. 50ක්, යෝගට් කිලෝග්‍රෑමයක් රු 800ක් ලෙස බදු පනවා ඇත.
නව ආනයනික බදු පනවා ඇති සම්පුර්ණ භාණ්ඩ පිලිබඳ සවිස්තරාත්මක ලැයිස්තුව පහතින් දැක්වේ.