පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කරන ලද සහල් තොග අද සිට වෙළඳපොළට නිකුත් කිරිමට නියමිතව තිබේ. පෞද්ගලික ආනයනකරුවන් ඉන්දියාවෙන් ඇනවුම් කළ සම්බා හා සුදු කැකුළු සහල් තොගයක් ඊයේ වරායට පැමිණ ඇති අතර ඊයේ රාත්රීයේම ඉන් ටොන් 75ක් රේගුවන් නිදහස් කර තිබේ.
රට තුළ පවතින පවතින සහල් හිඟයට පිළියමක් ලෙස එය කඩිනමින් විසඳිම සඳහා පෞද්ගලික ආනයනකරුවන්ට සහල් ආනයන කිරීමට රජය විසින් අවසර දුන්නේය.
අද (12) සහ හෙට (13) යන දෙදින තුළද තවත් සහල් තොග දිවයිනට ළඟාවීමට නියමිත බව වාර්තා වෙයි. ආනයනික සහල් වෙළෙඳපොළට පැමිණීමත් සමග රට තුළ පවතින සහල් හිඟයට යම්කිස් ආකාරයකට පිළිතුරක් ලැබෙනු ඇත.