අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බිඳ වැටුණු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ පීඩාවට පත් ව්‍යාපාර සඳහා සහන සැලසීමේ අරමුණින් රජය විසින් නව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත. 2025 දෙසැම්බර් 05 දිනැති අංක 08/2025 දරන අයවැය චක්‍රලේඛයට අදාළ සංශෝධන සහිතව මෙම නව උපදෙස් මාලාව නිකුත් කර තිබේ.
මෙම සහන වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ ආපදා හේතුවෙන් තාවකාලිකව ඇණහිට ඇති ව්‍යාපාර සහ ව්‍යවසායකයන් නැවත සවිබල ගැන්වීමයි. දීමනා ලබාදීමේදී මීට පෙර පැන නැඟුණු ගැටලු නිරාකරණය කරමින්, වඩාත් කාර්යක්ෂම සහ විනිවිදභාවයකින් යුත් ක්‍රියාවලියක් හරහා මෙම සහන ලබා දීමට රජය අපේක්ෂා කරයි. ඒ අනුව, ව්‍යවසායකයින්ගේ ජීවනෝපාය මාර්ග වඩාත් ඵලදායී ලෙස යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය නව සංශෝධන සහ පැහැදිලි කිරීම් මෙම චක්‍රලේඛය මගින් ඉදිරිපත් කර ඇත












