ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ කටයුතු, ‘දිට්වා’ සුළි කුණාටු ආපදාවෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගතිය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව (ADB) උපරිම සහාය ලබා දෙන බව එම බැංකුවේ ශ්‍රී ලංකාවේ නව අධ්‍යක්ෂවරිය ලෙස පත් වූ Shannon Cowlin මහත්මිය පවසයි. ඊයේ (10) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමු වූ අවස්ථාවේදී ඇය මේ බව අවධාරණය කළාය. නව අධ්‍යක්ෂවරිය පිළිගත් අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාව සහ ADB බැංකුව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය අගය කළ අතර ස්වාභාවික විපත්වලදී ලැබෙන ජාත්‍යන්තර සහයෝගයේ වැදගත්කමද මෙහිදී පෙන්වා දුන්නාය. මීට අමතරව රටේ ආර්ථික ස්ථායීතාව සහ සංවර්ධන වැඩසටහන් සඳහා බැංකුව විසින් ලබා දෙන අඛණ්ඩ දායකත්වය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.














