දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 410ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එමෙන්ම නිකුත් කල නිවේදන අනුව පුද්ගලයින් 336ක් අතුරුදන්ව තිබෙන අතර පවුල් 407,594කට අයත් පුද්ගලයින් 1,466,615ක් පීඩාවට පත්ව සිටිනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් සිදු ව ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන්
එම දිස්ත්‍රික්කයේ සිදු වූ මරණ සංඛ්‍යාව 88ක්.
මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 83ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 75ක්,කුරුණෑගලින් මරණ 52ක් හා පුත්තලම දිස්ත්‍රික්කයෙන් මරණ 27ක් වාර්තා වී තිබෙනවා.
මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 150 දෙනෙකු, නුවරඑළියේ පුද්ගලයින් 62ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 48,බදුල්ලෙන් පුද්ගලයින් 28ක්, දෙනෙකු සහ කුරුණෑගලින් පුද්ගලයින් 27 දෙනෙකු මේ වනවිටත් ආපදා හේතුවෙන් අතුරුදන්ව තිබෙනවා.













