• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආයුධ සන්නද්ධ සටන්කාමී බලවේගය අපියි – ඇමැති පාඨලි කියයි

6 January 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පසුගිය දශක එකහාමාරක කාලය තුළ ප්‍රභාකරන් වේවා, මහින්ද රාජපක්ෂ වේවා, මෛත්‍රීපාල සිරිසේන වේවා යුක්තියට එරෙහිව සටන් කළ හැම අවස්ථාවකම එම කොටස් අයුක්තිය වෙනුවෙන් පෙනී සිටි හැම අවස්ථාවකම ආයුධ සන්නද්ධව හෝ වෙනත් ආකාරයකට ඒකට එරෙහිව සටන් කළ පුරෝගාමී බලවේගය තම පිරිස බව මහනාගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය මගින් ගංවතුර පාලනය සඳහා ක්‍රියාත්මක වන ශාන්ත සෙබස්තියන් දකුණු ඇල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සහ කොලොන්නාව ඇල හැරවුම් ව්‍යාපෘතිය යටතේ වාසස්ථාන අහිමි වූ නිවැසියන් සඳහා ස්ථිර නිවාස ලබාදීමේ අවස්ථාවට එක් වෙමින්.

එහිදී අදහස් දැක්වූ චම්පික රණවක අමාත්‍යවරයා, මහින්ද රාජපක්ෂ මහත්මයාට කඩේ යනවාය කියලා අපට කියපු කාලයක් තිබුණා. නමුත් අපි ඔප්පු කර පෙන්නුවා මහින්ද රාජපක්ෂ මහත්මයා, 2005 බලයට පත් වුණේ ත්‍රස්තවාදය පරාජය කරනවා කියල නෙමෙයි. එතුමා බලයට පත් වුණේ ප්‍රභාකරන් සමග ඍජුව සාකච්ඡා කරනවා කියලා. එතුමයි අපියි අතර තිබුණේ එකම එක එකඟතාවයක් විතරයි. ඒ තමයි රටේ ඒකීය භාවයට අත තියන කිසිම ව්‍යවස්ථා සංශෝධනයක් නොකරන බවට තිබූ එකඟතාවය. හැබැයි අපට පෙනී ගියා එතුමා යටින් තමන්ගේ පවුලත්, තමනුත් ආරක්‍ෂා කර ගැනීම සඳහා ත්‍රස්තවාදීන්ට කප්පම් ගෙවමින්, අරමුදල් ගෙවන ක්‍රියාවලියක් ගෙන යන බව. ඒ නිසා ලද පළමු අවස්ථාව වන මාවිල් ආරු සිද්ධියේදී අපි මහින්ද රාජපක්ෂට කිව්වා යුද්ධ කරන්න කියලා. පස්සට යනකොට අපි එතුමාට කිව්වා නෑ මේ දැන් තමයි සටන් කරන්න අවස්ථාව කියලා. ඒකත් නොතකා කටයුතු කරන කොට අපිට සිදුවුණා එතුමාව එයට තල්ලු කර ඒ සටන ඉදිරියට ගෙනයන්න.

ඒ අවස්ථාවේදී එතුමා වටේ සිටි හුඟ දෙනෙක් එයට කැමැත්ත පළ කළේ නැහැ. නමුත් ඒ ත්‍රස්තවාදය වටෙන් වටය පියවරෙන් පියවර ජයග්‍රාහීව අවසන් උනා. අද ඒකෙන් කාටද ප්‍රතිලාභ ලැබිලා තිබෙන්නේ. ප්‍රධාන වශයෙන්ම ප්‍රතිලාභ ලැබිලා තිබෙන්නේ ද්‍රවිඩ ජනතාවට. උතුරේ සිමෙන්ති කොට්ටය, හාල් සේරුව, භූමිතෙල් ලීටරය කීයද යුද්ධය අවස්ථාවේදී, අද කීයද? ඒ වගේම ඒ ජනතාවට ලැබිච්ච ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කොපමණද? එදා තමිල් චෙල්වම්ගේ දුරකතන ඇමතුමට නැටවෙච්ච දේශපාලන ව්‍යාපාර උතුරේ තිබුණේ. නමුත් නිදහසේ දේශපාලනය කරන්න, පෙළපාලි යන්න සංවිධානය වෙන්න, විග්නේශ්වරම් මහත්මයාට අපට බණින්න, සම්බන්ධන් මහත්මයාට ප්‍රජාතන්ත්‍රවාදී සටන්වලට දායක වෙන්න හැකියාව නිදහස ලැබුණේ එදා අපි කළ ත්‍රස්ත විරෝධී ක්‍රියාවලිය නිසයි.

ඒ වගේම මුස්ලිම් ජනතාවට තමන්ගේ ඉඩකඩම්වලට යන්න, ගොවිතැන් බත් කරන්න, තමන්ගේ ව්‍යාපාර කරන්න, නව නිවාස ඉදිකරගන්නට නිදහස ලැබුණේ එදා අපි ත්‍රස්තවාදයට එරෙහිව කළ ඒ ව්‍යාපාරය නිසයි. ඒ නිසා ජාතිවාදීන් වෙලා තිබෙන්නේ අපි නෙමෙයි, පොදුවේ සමාජයට නිදහසත් යුක්තියත් ලබාදීමයි අපි මහින්ද රාජපක්ෂගේ ඒ පාලනය යටතේ සිදු කළේ. ඒ වගේම අපි එතුමට කඬේ ගියේ නැහැ. එතුමා තමන් හා තමන්ගේ පවුලේ අයගේ ලේ විතරයි මේ රටේ ලේ කියලා කටයුතු කරනකොට, අපි එතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාවට එරෙහිව නැගී සිට කවුරුත් රාජපක්ෂලව පරදන්න බැහැ කියලා විශ්වාස කරපු වෙලාවේ ඔහු පරද්දන්න අවශ්‍ය පියවර ගත්තා. මා ඔබතුමාලට මතක් කළ යුතුයි, 2005 මහින්ද රාජපක්ෂට අපි සහයෝගය දෙන වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන මට්ටමේ කිසිම කෙනෙක් ඔහුට සහයෝගය දුන්නේ නැහැ. ඒ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරණය දිනලා තිබුණේ. මට තවම මතකයි අපි උසාවි ගිහින් ඒ ජනාධිපතිවරණය දිනලා එනකොට එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ ජය ඝෝෂා රතිඤ්ඤා හඬ මැදින් තමයි අපි ආවේ. මොකද රනිල් වික්‍රමසිංහ මහත්මයා පළවෙනි දවසෙම ජයග්‍රහණය කරලා තිබුණේ. මහින්ද රාජපක්ෂ දිනයි කියලා පවුලේ අයවත් විශ්වාස කළේ නැහැ. මහින්ද දිනුවට පස්සේ තමයි ගෝඨාභයලා, ඔය පවුලේ ඔක්කොම කට්ටිය පිටරට ඉඳන් ආවේ. මෙහේ ඔහුට උදව් කරන්න කවුරුත් හිටියේ නැහැ. පක්ෂයක් තිබුණේ නැහැ. අපියි ජනතා විමුක්ති පෙරමුණයි විතරයි ඔහුට ඒ අවස්ථාවේ උදව් කළේ. හැබැයි අපි දැනං හිටියා මෙය ජයග්‍රහණය කරන්න පුළුවන් සටනක් මෙය ජයග්‍රහණය කළ යුතු සටනක් කියලා. ඒ නිසා ඔහු දිනුවා. ඔහු සහ ඔහුගේ පවුලේ අය පසුව කල්පනා කළාට මෙය ඔහුගේ පිංබලයට ලැබුණු දෙයක් කියලා, ඒ අවස්ථාවේ අපි පෙන් වූ අධිෂ්ඨානය තුළින් තමයි පියවරෙන් පියවර ඉදිරියට ගිහින් දිනන්න බැරිවෙලා පැරදිලා හිටපු ඒ රාජපක්ෂ මහත්මයාව අපි ජයග්‍රහණය කෙරෙව්වේ. ඒ වගේම තමයි එතුමාව සිහසුනෙන් බස්සන්න ඕනෙ උනහම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නාමයෝජනා දෙන අවස්ථාවෙදිත් දෙන්නා අතර විශාල ඡන්ද පරතරයක් තිබුණා. එක්සත් ජාතික පක්ෂය බිම්බත් වෙලා තිබුණේ. ලක්‍ෂ 24 යි ඡන්ද තිබුණේ. මහින්ද රාජපක්ෂට ලක්ෂ 50 ක් ඡන්ද තිබුණා. හරියටම එයින් බාගයයි එජාපයට තිබුණේ. ජනතා විමුක්ති පෙරමුණ ඍජුව සහයෝගය දුන්නේ නැහැ. පැත්තේ ඉඳන් සහයෝගය දුන්නේ. නමුත් අපි ඇතුළට අතුල් උනා මොකද අපි දැනන් හිටියා මෙය දිනිය යුතු, දිනන්න හැකි සටනක්, මේ සටන කළ යුතුයි කියා අපි කල්පනා කළා. ඒ නිසා තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එතනට ගමන් කළේ, රටේ ජනාධිපති උනේ. පසුව එතුමත් කල්පනා කළා මෙය එතුමාගේ පිං බලයට ලැබුණු දෙයක් කියලා කටයුතු කරන කොට අපිටත් සිද්ධ උනා එතුමට පෙන්වා දෙන්න එතුමාගේ නිසි තැන එතැන නෙමෙයි කියලා.

ඒ නිසා අපි පසුගිය දශක එකහාමාරක කාලය තුළ ප්‍රභාකරන් වේවා, මහින්ද රාජපක්ෂ වේවා, මෛත්‍රීපාල සිරිසේන වේවා යුක්තියට එරෙහිව සටන් කළ හැම අවස්ථාවකම එම කොටස් අයුක්තිය වෙනුවෙන් පෙනී සිටි හැම අවස්ථාවකම ආයුධ සන්නද්ධව හෝ වෙනත් ආකාරයකට ඒකට එරෙහිව සටන් කළ පුරෝගාමී බලවේගය අපියි කියන එක අපි බොහොම ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා යැයි පැවසීය.

 

Post Views: 3
Previous Post

මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය පරීක්ෂා කිරීමට සුදානම්

Next Post

කවුද තමන්ව නැගිට්ටෙව්වේ කියලා මතක තියා ගන්න ඕන- දුමින්දගෙන් රිදෙන කතාවක්

editor

editor

Next Post

කවුද තමන්ව නැගිට්ටෙව්වේ කියලා මතක තියා ගන්න ඕන- දුමින්දගෙන් රිදෙන කතාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කඳානේ දෙමස්සිනෝ වෙඩි කයි (video)

කඳානේ දෙමස්සිනෝ වෙඩි කයි (video)

3 July 2025
අනතුරු අඟවමින් මාස 2ක් තුළ රජයෙන් දැඩි තීරණයක් !

අනතුරු අඟවමින් මාස 2ක් තුළ රජයෙන් දැඩි තීරණයක් !

3 July 2025
මර්වින්ට ඇප ලැබෙයි

මර්වින්ට ඇප ලැබෙයි

3 July 2025
ඇයව එල්ලා මරන්න තීරණය කල සංවේදී කතාව

ඇයව එල්ලා මරන්න තීරණය කල සංවේදී කතාව

3 July 2025

Recent News

කඳානේ දෙමස්සිනෝ වෙඩි කයි (video)

කඳානේ දෙමස්සිනෝ වෙඩි කයි (video)

3 July 2025
අනතුරු අඟවමින් මාස 2ක් තුළ රජයෙන් දැඩි තීරණයක් !

අනතුරු අඟවමින් මාස 2ක් තුළ රජයෙන් දැඩි තීරණයක් !

3 July 2025
මර්වින්ට ඇප ලැබෙයි

මර්වින්ට ඇප ලැබෙයි

3 July 2025
ඇයව එල්ලා මරන්න තීරණය කල සංවේදී කතාව

ඇයව එල්ලා මරන්න තීරණය කල සංවේදී කතාව

3 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කඳානේ දෙමස්සිනෝ වෙඩි කයි (video)

කඳානේ දෙමස්සිනෝ වෙඩි කයි (video)

3 July 2025
අනතුරු අඟවමින් මාස 2ක් තුළ රජයෙන් දැඩි තීරණයක් !

අනතුරු අඟවමින් මාස 2ක් තුළ රජයෙන් දැඩි තීරණයක් !

3 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved